සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ, මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
ඒ අනුව සීමා සහිත පෞද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා වන සංශෝධිත ගාස්තුව රුපියල් 4,600ක් අතර එය මීට පෙර පැවතියේ, රුපියල් 4,000 ක් ලෙසයි.
සීමාසහිත පොදු සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා වන පැවති රුපියල් 20,000 ගාස්තුව රුපියල් 23,000 දක්වා වැඩි කර තිබේ.
සීමා රහිත සමාගමක් ලියාපදිංචි කිරීමේ සංශෝධිත ගාස්තුව රුපියල් 17,250 ක් වන අතර එය පෙර පැවතියේ රුපියල් 15,000 ක් ලෙසය.
ඇපයෙන් සීමාසහිත සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා වන ගාස්තු වැඩි කර ඇත්තේ, රුපියල් 4,500 කිනි.
ඒ අනුව එම සමාගම ලියාපදිංචි කිරීම සඳහා වන සංශෝධිත ගාස්තුව රුපියල් 34,500 කි.