මරණාධාර සමිතියක වුනත් ව්‍යවස්ථාවක් තිබෙන රටේ සමාජ මාධ්‍යයට පමණක් පූර්ණ නිදහසක් ලැබෙන්න විදියක් නැතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය .
ඔන්ලයින් පනත ගැන බිල්ලෙක් මවා වැරදි ප්‍රතිරූපයක් මවමින් සිටින බව කී රාජපක්ෂ මහතා රටේ ශිෂ්ඨ නීතිගරුක සමාජයක් හදන්න ඔන්ලයින් පනත වැදගත් බව සඳහන් කළේය.
සමාජ මාධ්‍යවල ශීලාචාර පිරිසක් සිටින නමුත් අසීලාචාර අය වැඩි බව කී නියෝජ්‍ය කතානායකවරයා සමාජ මාධ්‍යවල මඩ ගහන ගොඩක් අයගේ ඇඩ්රස් තිබෙන්නේ ලංකාවේ නොව පිටරටවල බව පැවසීය.