Connect with us

පුවත්

“සමාජ මාධ්‍යවලට මොකටද කාගෙවත් පෙම් කතා”

Published

on

රටක් යහමගට ගැනීම සඳහා නීති අවශ්‍ය බවත්, එය ජනමාධ්‍යවේදීන්ට ද අවශ්‍ය බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ඕනෑම වෘත්තියක නියැලී සිටින අයෙකු වරදක් සිදුකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ජනතාවට ඉඩක් ලැබිය යුතු බවද ලාල්කාන්ත මහතා පවසා සිටියේය.

තවද ජනමාධ්‍ය හේතුවෙන් ද මෙරට ජනතාව පීඩාවට පත්වන බැවින් එවැනි නීති අවශ්‍ය බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඔහු මේ බව පැවසුවේ, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් දරන මතය කුමක්දැයි මාධ්‍යවේදියකු අමාත්‍යවරයාගෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

මන්ත්‍රීවරුන් හෝ වෙනත් පාර්ශවයක් වුවද සිය පෞද්ගලික ජීවිතයේදී සිදු කරන දෑ සම්බන්ධයෙන් වගකීම පවතින්නේ එම පාර්ශවයන්ට බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චිට සමාජ මාධ්‍ය තුළින් එල්ල වන විරෝධතා සහ වාග් ප්‍රහාර සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් කළ විමසිමේදී පවසා සිටියේය.

තවද සමාජ මාධ්‍ය හෝ ජනමාධ්‍යවල කාර්‍යයභාරය වන්නේ එම පෞද්ගලික දෑ සම්බන්ධයෙන් මැදිහත් නොවිම බව ඔහු සඳහන් කලේය.

තමාට මෙන්ම සිය දියණිය සම්බන්ධයෙන් ද මීට පෙර රාජ්‍ය මාධ්‍ය මගින් පවා අසත්‍ය ප්‍රචාර සිදු කළ බවත්, තමන් මෙන්ම දියණිය ද සිනහවෙන් ප්‍රතිචාර දක්වා එම චෝදනා ඉවත දැමූ බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේය.

”ප්‍රේම කරන අය ප්‍රේම කරගනිවි.ඒවා රජයේ දේපල පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි.එයාල කරගන්න ඒවට එයාලා වඟකියයි.සමාජ මාධ්‍යවලට මොකටද කාගෙවත් පෙම් කතා…මගේ දුව කැනඩාවේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නවා කියලා රාජ්‍ය මාධ්‍යත් කිව්වා.මායි දුවයි එකපුටුවේ වාඩිවෙලා ඒවා අහගෙන ඉන්නවා.මම ඒ දවස්වල මාධ්‍ය වලට කිව්වේ මම නොදන්න මගේ දුවෙක් කැනඩාවේ ඉන්නවද දන්නැහැ ඒක පොඩ්ඩක් හොයල බලන්න ඕන කියලා…කොට්ටච්චි ඉන්නේ කාත් එක්කද යන්නේ කාත් එක්කද කියලා.ඒක ඒ පවුලේ අය බලා ගනිවි…”

පුවත්

ජූනි 30ට කලින් වත්කම් බැරකම් ඉල්ලයි

Published

on

By

වත්කම් බැරකම් පිළිබඳ වාර්ෂික ප්‍රකාශය කළ යුතු අය ජුනි 30 හෝ ඊට ප්‍රථම සිය ප්‍රකාශ බාරදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කර සිටී.

එම කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය,

Continue Reading

පුවත්

අද පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක්

Published

on

By

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වේ.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන එම රැස්වීමේදී ලබන සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සකස් කිරීම සිදු කෙරෙනු ඇත.

ලබන 20,21,22 හා 23 යන දිනවල පාර්ලිමේන්තුව රැස්විමට නියමිතය.

Continue Reading

පුවත්

යාල ජාතික වනෝද්‍යානයට නව සංචාරක කලාප

Published

on

By

සංචාරකයින් වෙනුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ තවත් කලාප කිහිපයක් විවෘත කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ, දැඩි සංචාරක තදබදයට මුහුණ දීම සඳහා මේ පියවර ගන්නා බවය.

ඒ අනුව අරංගමුව නමින් නව කලාපයක් හා දැනට වසා දමා ඇති තුන හා හතර කලාප කඩිනමින් විවෘත කිරිමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ එහි පහසුකම් සකස් කිරීම මේ වනවිට සිදුවන බවය.

හෙක්ටෙයාර් ලක්ෂයක් විශාල යාල වනෝද්‍යානයේ සංචාරකයින් වෙනුවෙන් විවෘත කර ඇත්තේ හෙක්ටෙයාර් 25000කි.

එය කලාප 6 කින් සමන්විත වන අතර ඒ සඳහා ඇති පිවිසුම් සංඛ්‍යාව 6කි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved