Connect with us

පුවත්

සමාජ මාධ්‍යවේදියකුට හා හමුදා සෙබළුන් දෙදෙනකුට ආඥාවක්

Published

on

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අතුරුදන් ජීප් රථයක් ශ්‍රී ලංකා යුද හමුදාට අයත් කොස්ගම, ශාලාව පුහුණු කඳවුර පරිශ්‍රයේ ඇති බවට හෝ යුද හමුදා මූලස්ථානය, අකුරණ යුද හමුදා මූලස්ථානයට අනුයුක්ත කිරීමට ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් අසත්‍ය,ද්වේශ සහගත ,අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝ හා ප්‍රකාශ නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම වළක්වමින් මාධ්‍යවේදියකුට හා යුද හමුදාවේ සොල්දාදුවන් දෙදෙනකුට එරෙහිව කොන්දේසි සහිත ආඥාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (09) නිකුත් කලේය.

යුටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන විතාරණගේ තුෂාර සාලිය රණවක සමාජ ක්‍රියාකාරී මාධ්‍යවේදියාට හා ශාලාව හමුදා පුහුණු කඳවුරේ සොල්දාදුවන් වන හෙට්ටිආරච්චි හා නුවන් යන අයට මෙම කොන්දේසි සහිත ආඥාව නිකුත් කර තිබේ.

තවද ලබන 10 වෙනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට විත්තිකරුවන්ට නොතීසිද නිකුත් කලේය.

කොස්ගම ශාලාව හමුදා පුහුණු කඳවුර පිළිබඳව දැනට යූටියුබ් නාලිකා වල හා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල පළකර ඇති ප්‍රකාශ හා වීඩියෝ දර්ශන තවදුරටත් ප්‍රචාරය කිරීම වළක්වමින් වාරණ නියෝගයක් හා,නැවත උඩුගත කිරීම වළක්වමින් නියෝගයක් ද විත්තිකරුවන්ට නිකුත් කර තිබේ.

පැමිණිල්ල වෙනුවෙන් හිටපු නීතිපති, ජනාධිපති නීතිඥ සංජය රාජරත්න මහතා කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි තොරතුරු සමාජගත කරමින් සිටින බවය.

පුවත්

කෙහෙළිය පවුලටම අධිචෝදනා

Published

on

By


මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමසම අද (26) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.

චෝදනා 43ක් යටතේ මෙම අධිචෝදනා ගොනුකර තිබේ.

Continue Reading

පුවත්

බූස්සේ ගෙල වැලලාගත් රැඳවියෙක් මරුට

Published

on

By

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරියක රඳවා සිටි රැඳවියෙකු අද (26) දහවල් ගෙල වැලලාගෙන තිබේ.

සිරමැදිරියේ ගෙල වැලලාගෙන සිටියදී නිලධාරීන් විසින් ඔහුව මුදාගෙන රෝහල්ගත කර තිබේ.

රැඳවියා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ බිම්සර අමල් නමැති කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද වාර්තා වේ.

Continue Reading

පුවත්

සජින් වාස්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

Published

on

By

රුපියල් ලක්ෂ 369ක ආදායම් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා, අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර ඇත.

සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා තම නීතිඥවරයා මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් විය.

මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර, සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියෝග කරන ලදී.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved