සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ගල් තලාවක් අසල තරුණයෙකුට පහරදීමේ සිදුවීමට සම්බන්ධ තරුණයින් දෙදෙනෙකු උඩු පුස්සැල්ලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි දහසය සහ දහහත් වියේ පසුවන තරුණයන් දෙදෙනකු බව පොලීසිය කියා සිටී.
පහරදුන් තරුණයන් දෙදෙනා පහරකෑමට ලක්වූ තරුණයා හට ගංජා ගෙන ඒමට රුපියල් 1000ක මුදලක් ලබා දී තිබේ.
කෙසේවුවද,.පහර කෑමට ලක් වූ තරුණයා ඔවුන්ට ගංජා ගෙනැවිත් නොදී රුපියල් දහසක මුදල සඟවා ගත් හේතුව මෙම පහරදීමට මූලාරම්භය බව වාර්තා වේ.
මේ වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත්තේ පහරදුන් තරුණයන් ගෙන් කෙනෙකුගේ බාල සොයුරා විසිනි.
වීඩියෝව සමාජ මාධ්‍ය ඇසුරිනි.