Connect with us

පුවත්

සමාජ මාධ්‍ය පළකිරිම් ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

Published

on

අධිකරණ නිලධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ, ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ මහජනතාව විසින් අධිකරණ නිලධාරීන්ට සහ යුක්තිය පසිඳලීමේ පද්ධතියට අහිතකර ආකාරයෙන් යම් යම් අදහස් සහ සටහන් පළකරමින් සිටින බවය.

යුක්තිය පසිඳලීමේදී අධිකරණ නිලධාරීන් විසින් ඉටුකරනු ලබන වැදගත්, තීරණාත්මක කාර්යභාරය, අධිකරණයේ ස්වාධීනත්වය සහතික කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා වන දැඩි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් අධිකරණ හැසිරීම සමාලෝචනය කිරීම සඳහා නීතිය පැහැදිලි ක්‍රියා පටිපාටි ගෙනහැර දක්වයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල මාධ්‍ය හරහා ඇතැම් පිරිස් අධිකරණ නිලධාරීන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කර ඇති අතර, කිසිදු සත්‍යතාවයක් හෝ පදනමකින් තොරව ඇතැම් කරුණු දක්වා ඇති බවය.

එමඟින් අදාළ ව්‍යවස්ථාපිත අධිකාරියේ අධිකරණ බලයට යටත් වන සහ යටත් වන කරුණු පිළිබඳව වැරදි ආකල්පයක් ඇති විය හැකි බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ.

එවැනි දෑ අධිකරණ පද්ධතියට සහ එම ක්‍රියාවලියට සදාචාර විරෝධී වන බවත් එමඟින් යුක්තිය පසිඳලීමට අහිතකර තත්ත්වයක් උදාකර දෙන බවත් ඔවුන් පෙන්වා දී ඇත.

එමෙන්ම ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යම් ප්‍රකාශයක් නිකුත් කිරීමේදී සහ අදහස් දැක්වීමේදී, පරීක්ෂණ ක්‍රියාවලියට අගතියක් විය හැකි හෝ අනවශ්‍ය මහජන පීඩනයකට තුඩු දිය හැකි ඕනෑම හැසිරීමකින් වැළකී සිටින ලෙසටය.

එමෙන්ම ඔවුන් පෙන්වා දී ඇත්තේ, නීති වෘත්තිකයින් ලෙස ඔවුන්ට පැවරි ඇති රාජකාරි සහ නීතිරීති අනුව අවසර ඇති විටකදී හැර ප්‍රසිද්ධියේ හෝ වෙනත් ආකාරයකින් මහජන චෝදනාවලට ප්‍රතිචාර දැක්වීමට හැකියාවක් නොමැති බවය.

එබැවින් ඉහත කරුණු සැලකිල්ලට ගනිමින්, අධිකරණ නිලධාරීන් පිළිබඳව අදහස් දැක්වීමේදී වගකිවයුතු කතිකාවක්, නිසි ක්‍රියාවලියට ගරු කිරීම සහ ගෞරවය ආරක්ෂා කිරීමට වගබල ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

පුවත්

මිලාන්ට ඇප (UPDATE)

Published

on

By

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ

ඒ අල්ලස් කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඉඩම්වලට අදාළ පිඹුරු අනුමත කිරීමේදී රජයට රුපියල් ලක්ෂ 3කට අධික මුදලක් පාඩු කළේ යැයි මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.


(පෙර පුවත 2025 මැයි19 ප.ව.1.24 )

මිලාන් ජයතිලක අත්අඩංගුවට

පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉඩමක පිඹුරුපතක් අනුමත කිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ඒ මහතාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading

පුවත්

දෙහිවල වෙඩි තැබීමක්

Published

on

By

දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා තිබේ.

පොලීසිය පවසන්නේ, ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවය.

Continue Reading

පුවත්

මහින්දානන්ද රිමාන්ඩ් (UPDATE)

Published

on

By

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


(පෙර පුවත 2025 මැයි 19 පෙ.ව.11.28 )

හිටපු අමාත්‍ය මහින්දානන්ද අධිකරණයට පැමිණේ

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ආනයනය කර රුපියල් කෝටි 130ක පාඩුවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (19) කොළඹ අලුත්කඩේ අධිකරණයට පැමිණියේය.

අල්ලස් කොමිසම මගින් ඔහුට එරෙහිව චෝදනා නගා ඇත.

සබැඳි පුවත්

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved