පුවත්

සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට අනතුරු ඇඟවීමක්

Published

on

සමාජ  මාධ්‍ය භාවිතා කරමින් සිදුකෙරෙන විවිධ වංචා පිළිබඳව  ශ්‍රී ලංකා සර්ට් (Sri Lanka CERT ) වෙතින් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා සර්ට් (Sri Lanka CERT) ආයතනය මහජනතාවගෙන් ඉල්ලාසිටින්නේ, විවිධ බැංකු ,වාණිජ ආයතන ,අන්තර් ජාතික ආයතන නාමයන් භාවිතා කරමින් පරිත්‍යාග ,මුදල් තෑගි ,දිනුම් වාසනා , රැකිරක්ෂා ලබාදීමට ලියාපදිංචි වන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩ වළින් ප්‍රවේසම් වන ලෙසයි.

අනුකාරක ( Fake web ) වෙබ් අඩවි ,සමාජ මාධ්‍ය (Social Media )වේදිකාවන්, SMS, WhatsApp , හරහා එවනු ලබන පණිවුඩ මගින් මෙම සයිබර් ජාවාරම් කරුවන් ඔබ හා සම්බන්ද වීමට උත්සාහ දැරීම මේ වන විට බහුලව දකින්නට ඇත.

ඔවුන් විසින් ලබාදෙන links වෙත පිවිසීමෙන් ඊට සම්බන්ධ වන පුද්ගලයන්ගේ පරිගණක ,ජංගම දුරකථන වල ඇති දත්ත සොර ගැනීමෙන් විවිධ අපචාර සදහා මෙන්ම මුදල් වංචා ද සිදුකරනු ලැබේ.

ශ්‍රී ලංකා සර්ට් ආයතනය වැඩිදුරටත් පවසන්නේ, මෙවැනි අපරාධ මෑත කාලයේ වැඩිවෙමින් පවතින අතර, එම අපරාධවලට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණයද වැඩිවෙමින් පවතින බවය.

මෙවැනි තත්ත්වයන් හමුවේ,  ශ්‍රී ලංකා සර්ට් ආයතනය ඇතුළු විවිධ සංවිධාන මෙම සයිබර් වංචාවන් පිලිබඳ පුළුල් දැනුවත් කිරීමේ ප්‍රචාරණයක් දියත් කොට තිබේ.

නොදැනුවත් භාවය හා නොසලකා හැරීම නිසා මෙම අපරාධවලට ගොදුරු වන්නන්ගේ පැමිණිලි දිනපතා වැඩිවෙමින් පවතින බවයි වාර්තා වන අතර ශ්‍රී ලංකා සර්ට් ආයතනය මහජනතාවගෙන් ඉල්ලාසිටින්නේ, සැකසහිත අන්තර්ජාල හා සමාජ මාධ්‍ය පණිවුඩ ලැබුනහොත් ඒවාට පිවිසීමට පෙර අදාළ ආයතන වල නිල වෙබ් අඩවි වලට පිවිසීමෙන් හෝ නිල දුරකථන අංක ඔස්සේ හෝ කරුණු විමසා සහතික කරගන්නා ලෙසයි.

එසේ සහතික කරගත නොහැකි පණිවුඩ විවෘත කිරීමෙන් වලකින ලෙස හෝ නොසලකා හරින ලෙස ශ්‍රීලංකා සර්ට් ආයතනය වැඩිදුරටත් මහජනතාව ගෙන් ඉල්ලා සිටී.

Trending

Exit mobile version