Connect with us

පුවත්

සමාජ සේවා ආයතන යැයි කියමින් ගිණි පොළියට ණයදෙන හොර බැංකු සෙට් එකක්

Published

on

සමාජ සේවා ආයතන ලෙස සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරමින් ගිණි පොළියට ණය ලබාදෙන ආයතන කිහිපයක් සම්බන්ධයෙන් මහ බැංකුවට පැමිණිලි ලැබී ඇතැයි වාර්තා වේ.

ඔවුන් මේවා බැංකු ලෙස හඳුන්වමින් ග්‍රාමීය ජනතාව මුලාකරමින් සිටින බවද පැවසේ.

එසේම දුප්පත් ජනතාවගේ නොයෙකුත් අවශ්‍යතා සඳහා රාජ්‍ය නොවන ආයතන හා පුද්ගලයන්ගෙන් මෙරටට ලබාදී ඇති ආධාර ද නොයෙක් ව්‍යාපෘති ඇති කර ඒවා හරහා පොලියට ණයදීමට යොදාගෙන ඇතැයි වාර්තා වේ.

ඇතැම් ආයතන වසර ගණනාවක සිට මෙසේ පවත්වාගෙන යන බවත්, ඒවා සඳහා දේශපාලඥයන්‍ගේ හා මහ බැංකු නිලධාරීන්ගේද සහය ලැබී ඇති බව මූලික සොයා බැලීම්වලදී හෙළිව ඇතැයි වාර්තා වේ. 

මේවා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ පමණක් ලියා පදිංචි වෙමින් මූල්‍ය ආයතන ලෙස ජනතාවගේ මුදල් ද එක් රැස්කරමින් පැවැතියද මහ බැංකු නිලධාරීන් මෙම ආයතන හිතා මතා මඟහැර ඇති බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිදු කළ සොයා බැලීමකදී හෙළිව ඇති බව වාර්තා වේ.

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමනය

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමනය කටයුතු සඳහා නව පනතක් ගෙනඒමට හේතුවී ඇත්තේ මේ තත්ත්වයන් බවද පැවසේ.

මේ අතර, ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමනය අත්‍යවශ්‍ය කාරණාවක් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රිනි කෝකිලා ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී ඊයේ (12) පැවසුවාය.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන ප්‍රකාශ කළේ හතු පිපෙන්නාක් මෙන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ග්‍රාමීය මට්ටමෙන් බිහිව ඇති බවත් මෙම ආයතන මඟින් ඉතාම ආකර්ෂණීය ලෙස ණය ලබාදෙන බවට පවසා වැඩි පොලී අනුපාතයක් අය කරමින් ජන ජීවිතය පීඩාවට පත් කරන බවත්ය.

එහිදී වැඩිදුරටත් යෝජනාව ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය මෙසේද කියා සිටියාය. 

“ක්ෂුද්‍ර මූල්‍ය” ණය ගෙන අසරණ වන කාන්තාවන් හා පවුල් ගැන වාර්තා වෙනවා. ලියාපදිංචි වුණ පිරිසකුත් ඉන්නවා. නොවුණු පිරිසකුත් ඉන්නවා. ජනතාවගේ ජීවිත විනාශ වන මට්ටමට එමඟින් කටයුතු කරනවා. ගමේ සිටින ගැලවුම්කාරයා වගේ තමයි ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන කෙනා හැසිරෙන්නේ. කාන්තාවන් එකතු කරගෙන සමිති පිහිටුවා ඔවුන්ට පහසු ක්‍රමයට ණය දෙනවා කියලා ණය දීලා ණය උගුලකට මේ කාන්තාවන් හිර කරනවා. මේ ණය ගෙවා ගැනීමට බැරි වුණාම ජීවිතවලින් වන්දි ගෙවනවා. මේක හරිම භයානක තත්ත්වයක්. ෆේස්බුක් හරහාත් දැන් ණය දෙනවා. ආකර්ෂණීය ලෙස මේ ණය දෙන ආකාරයට තමයි හැසිරෙන්නේ. නමුත් ආපසු බැලුවාම වාර්ෂිකව සියයට 200 ක 300 ක පොලියට තමයි මේ ණය දෙන්නේ. සමෘද්ධි බැංකුව හරහාත් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙනවා. එය යම් විදියක හොඳ මට්ටමක තිබෙනවා.

හතු පිපෙන්නා වගේ මූල්‍ය ආයතන ගම් තුළ බිහි වෙනවා.

විශාල පොලී අනුපාතවලට ණය දෙනවා. රජයේ පවතින නීති ඉතාම ලිහිල්. ඒ නිසා ගැළවෙන්න පුළුවන්. ක්ෂු‍ද්‍ර මූල්‍ය ආයතන සෙල්ලම් කරන්නේ ජන ජීවිත සමඟ. ඒ නිසා මෙයට නීති ගෙනා යුතුමයි.“

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved