රජය මගින් සහනාධාර ගෙවනු ලබන සමෘද්ධිලාභීන්ගේ සංඛ්‍යාව 2020 වසරේ සිට මේ දක්වා ක්‍රමයෙන් අඩු වී ඇති බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පවසයි.
වර්ෂ “2020 මේ රටේ පවුල් 1,810,000 ක පමණ ප්‍රමාණයක් සමෘද්ධි ලාභීන් හැටියට සලකා සහනාධාර ලබාදුන් බවද 2020 සිට 2022 අවසානය වනවිට මෙම සමෘද්ධි ලාභීන්ගේ යම්කිසි අඩුවීමක් දක්නට ලැබෙන බවද ඔහු පෙන්වාදෙයි.
රජය මගින් ක්‍රියාත්මක කළ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය හේතුවෙන් සමෘද්ධිලාභීන්ගේ සංඛ්‍යාව මෙලෙස අඩු වී ඇති බව ඔහු පවසා තිබේ.