Connect with us

පුවත්

සමෘද්ධි බැංකු සේවකයිනුත් ලෙඩ්ඩු වෙයි!

Published

on

සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් අද (06) දින අසනීප නිවාඩු වාර්තා කරන බව සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහ සංගම් සහ කාර්යාල නිලධාරී සංගමය පවසයි.

එම සංගමයේ සභාපති එන්.ඒ.එම්.අයි.බී.අබේසිංහ මහතා සඳහන් කළේ, සමෘද්ධි සේවක සංයුතිය සහ දීමනා ගැටලුවක් මුල් කරගනිමින් ඔවුන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවය.  

සිය වර්ජනය සඳහා තවත් සංගම් කිහිපයක් ද සහය දැක්වීමට කැමැත්ත පළ කර ඇති බව එන්.ඒ.එම්.අයි.බී.අබේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේවෙතත් ආර්ථිකමය වශයෙන් රට අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවක මෙවැනි වර්ජන ක්‍රියාත්මක කිරීම සාධාරණ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසුවේය.

මේ අතර දීමනා ගැටලුවක් මුල් කරගනිමින් ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කර තිබේ.

එම සංගමයේ සම කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පැවසුවේ, බලධාරීන්ගෙන් සිය ගැටලුවලට විසඳුම් ලබාදෙන තෙක් අඛණ්ඩව එම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන බවය.

පුවත්

මාධ්‍යවේදීන් නොවන අයටත් Media ID දීලා

Published

on

By

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහාද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මාධ්‍ය වෘත්තීය සමිති සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ, මින් ඉදිරියට එවන් වැරදි සිදු නොවීමට දැඩි තීරණයක් ගෙන තිබෙන බවය.

ජනමාධ්‍ය හැඳුනුම්පත ලබා දීමට පෙර නියාමනයක් සිදු කර නිකුත් කිරීම් කරන ලෙසට එම නියෝජිතයින් අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සදහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් අංග සම්පූණ අධ්‍යයන පාඨමාලාවන් ආරම්භ කිරීමට කටයුතු කරන බවද නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Continue Reading

පුවත්

මර්වින් ඇතුළු පිරිස යළි රක්ෂිත බන්ධනාගාරයට

Published

on

By

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සිව් දෙනෙකු එළැඹෙන 05 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කිරීමෙන් අනතුරුවය.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාළ හිටපු අමාත්‍යවරයයෙකු වූ ප්‍රසන්න රණවීර මහතා තවමත් අත්අඩංගුවට ගැනීමට හැකි නොමැත.

ඒ අනුව හිටපු අමාත්‍යවරයාද අත්අඩංගුවට ගෙන එළැඹෙන 05 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහර මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලදී.

Continue Reading

පුවත්

පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම ගැන ජනපති හා විපක්ෂනායක ශෝක පණිවුඩ එක්කරයි

Published

on

By

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ශෝකය පළ කර තිබේ.

සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් උන්වහන්සේගේ අභාවය පිළිබඳව තමාගේ හෘදයාංගම ශෝකය පළ කරන බවය.

සාමය, දයානුකම්පාව සහ මනුෂ්‍යත්වය සඳහා උන්වහන්සේගේ නොසැලෙන කැපවීම ලෝකය මත නොමැකෙන සලකුණක් තබා ඇති බව ද ජනාධිපතිවරයා තැබූ X සටහනේ වැඩිදුරටත් සඳහන් ය.

උන්වහන්සේගේ දයානුකම්පාව, යුක්තිය සහ අන්තර් ආගමික සහජීවනය පිළිබඳ උරුමය ඉදිරි පරම්පරාවන්ට ආදර්ශයක් ලබා දෙනු ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තවදුරටත් පෙන්වා දී ඇත.

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සිය ශෝකය පළ කර තිබේ.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ, පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම යහපත් ලොවක පැවැත්ම අපේක්ෂා කරනුන්ට බලවත් පාඩුවක් බවය.

විපක්ෂ නායකවරයාගේ සම්පූර්ණ ශෝක පණිවුඩය පහතින්

– උපුටා ගැනීම – 

“ක්‍රිස්තුස් වහන්සේ සිය අනුගාමිකයින්ට පෙන්වූයේ නපුර පිටු දකින්නටත් සියලු යහපත සඳහා ක්‍රියා කරන්නටත්ය. අති උතුම් ෆැන්සිස් පාප් වහන්සේ කිතු සමිඳුන් පෙන්වා දුන් මඟ මැනවින් හඳුනා ගනිමින් කතෝලික සභාවට ලබාදුන් නායකත්වය කතෝලික ප්‍රජාවට පමණක් නොව ලෝකවාසී සියලු ජනතාවට පරමාදර්ශයක් විය. උන්වහන්සේගේ ස්වර්ගස්ථ වීම යහපත් ලොවක පැවැත්ම අපේක්ෂා කරනුන්ට බලවත් පාඩුවකි. උන්වහන්සේගේ සරල ජීවිතය පෙන්නූ මඟ මැනවින් හඳුනා ගැනීම උන්වහන්සේට කළ හැකි සැබෑ ගෞරවයයි. සර්ගස්ථ වූ අති උතුම් ෆැන්සිස් පාප් වහන්සේට මොක්සුව ප්‍රාර්ථනා කරමු.”

– උපුටා ගැනීම අවසන් – 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved