පුවත්

සයිබර් අපරාධයන්ට එරෙහිව Lanka Change Makers එයි!

Published

on

ශ්‍රී ලාංකීය සමාජය මුහුණ දෙන විවිධාකාරයේ සයිබර් අපරාධයන්ට එරෙහිව සක්‍රිය ලෙස මැදිහත්වීමට Lanka Change Makers සමූහය පියවර ගෙන තිබේ.

එහිදී Cyber Haressment, Cyber Bulling සහ illegal Online Stalking වැනි සමාජීය සංවේදී කරණු වලට විසදුමක් ලෙස “Cyber Dicsipline ” නමින් වැඩසටහනක් හඳුන්වාදීමට කටයුතු කරන බව Lanka Change Makers සමූහය පවසයි.

එම සමුහය විසින් ඊයේ (06) කොළඹ “රැඩිකල් සෙන්ටර්” හීදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී එබව ප්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා Lanka Change Makers සමුහය නියෝජනය කරමින් සමාජ ක්‍රියාකාරික චතුර රාජපක්ෂ, මාධ්‍යවේදීනී මානෝහාරි හේවාවසම්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනී තුෂාරා සෙව්වන්දි විතාරණ සහ සාහිත්‍යවේදී චමින්ද ගුණසිංහ සහභාගී විය.

Lanka Change Makers සමූහය යනු ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින දේශපාලන, ආර්ථික, සාමාජීය සහ සංස්කෘතික ගැටළු වලදී ඒවා විචාරය සහ විවේචනය කිරීමෙන් ඔබ්බට ගොස් ඒ සදහා විසදුම් නිර්මාණය කරමින් එම විසදුම් ක්‍රියාත්මක කරවීම වෙනුවෙන් කටයුතු කරන කණ්ඩායමක් බව එහිදී අවධාරණය කෙරිණ.

ශ්‍රී ලාංකීය දරු පරපුරට cyber අවකාශය පිලිබදව සහ ඒ හා බැදුණු උපාංග පිලිබදව මූලික දැනුම ලබා දීම උදෙසා ජාතික අධ්‍යාපනයේ විෂය නිර්දේශය තුලට Cyber Discipline පිලිබදව දැනුම ඇතුලත් කිරීමේ කාලින අවශ්‍යතාවය සමාජ ක්‍රියාකාරික චතුර රාජපක්ෂ මෙහිදී පැහැදිලි කළේය.

එසේම, Cyber Discipline සම්බන්ධව සමාජය දැනුවත් කිරීම සදහා මේ වන විට තනි තනිව හා කණ්ඩායම් ලෙස කටයුතු කරන පාර්ශව එක් කර ගනිමින් තිරසර ජාතික වැඩපිලිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාවය ද ඔහු මෙහිදී පෙන්වාදෙනු ලැබිය.

මේ වන විට Cyber අවකාශය මූලික කර ගනිමින් සිදු වන විවිධ අව ක්‍රියා සම්බන්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ඒ හා බැදුනු පාර්ශව සමග එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය සාහිත්‍යවේදී චමින්ද ගුණසිංහ විසින් මෙහිදී අවධාරණය කෙරුණ අතර Cyber Discipline සම්බන්ධව විධිමත් නීති පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා කඩිනමින් නීති අනපනත් සම්මතකර ගැනීමේ කාලින අවශ්‍යතාවය ද ඔහු විසින් පැහැදිලි කළේය.

Cyber අවකාශයේ සිදුවන අනීතික ක්‍රියාදාම හේතුවෙන් කලාකරුවන් ඇතුලු රටේ ජනප්‍රිය පාර්ශවයන්ට සිදුවන විවිධ ගැටළු සම්බන්ධව මනෝහාරී හේවාවසම් මෙහිදී කරුණු පැහැදිලි කළේය.

Cyber Discipline සම්බන්ධව කතිකාවතක් ගොඩ නැංවීම :

මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය තුල Cyber Discipline සම්බන්ධව යම් කතිකාවතක් ගොඩ නැංවීම සහ ප්‍රධාන මාධ්‍ය ධාරා තුල එවැනි ප්‍රවෘත්ති පල වීමේදී වින්දිත පාර්ශවයන්ට අසාධාරණයක් නොවන පරිදි ඒවා පල කිරීම සම්බන්ධව Lanaka Change Makers සමූහයේ සැලසුම් ඉදිරිපත් කි‍රීම සහ මාධ්‍ය ශ්‍රේණිගත කිරීමේදී එවැනි නිවැරදි පල කීරීම් සම්බන්ධව යම් අගය එකතු කිරීමක් සදහා Lanka change Maker සමූහයේ මැදිහත් වීම සම්බන්ධයෙන් තුෂාර සෙව්වන්දී අදහස් දැක්වීය.

Cyber අවකාශයේ සිදුවන විවිධ අවක්‍රියා නිසා අසාධාරණයට පත් වන පාර්ශව වෙනුවෙන් ඔවුන්ගේ මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමට Lanaka Change Makers සමූහය මගින් ” Dear Bubble ” නමින් වැඩසටහනක් ඉදිරියේදී හඳුන්වාදීමට නියමිතය.

එමෙන්ම මෙම කාරනා සම්බන්ධයෙන් වූ නව නීතී සම්පාදනය වෙනුවෙන් විවිධ පාර්ශව සමග සාකච්ඡා කරමින් සකසනු ලැබූ යෝජනාවලිය එලිදැක්වීම සහ සමුළුවක් පැවැත්වීම නුදුරේදීම සිදුකරන බව Lanka Change Makers සමූහය මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේය.

මූලාශ්‍රය – ද ලීඩර්

Trending

Exit mobile version