Connect with us

පුවත්

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

Published

on

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය පැවසුවේ මෙම පිරිස අතර තරුණියන් 04 දෙනෙකු සහ තරුණයින් 10 දෙනෙකු සිටින බවය

මොවුන් මියන්මාරයේ සයිබර් කඳවුරුවලින් මුදා ගෙන දේශසීමාව ඔස්සේ තායිලන්තය වෙත රැගෙන විත් තිබුණි.

මෙම පිරිස තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය විසින් ලබා දී ඇති බව සඳහන්ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ශ්‍රී ලංකා රජය සිදුකළ අඛණ්ඩ රාජතාන්ත්‍රික ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම මුදාගැනීම් සිදුකිරීමට හැකි වූ බවය.

පුවත්

අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායකගේ සහතිකය

Published

on

By

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා  2025.04.30 වනදා  සිය සහතිකය සටහන් කළේය.

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය 2025.04.08 දින  පැවැත්වූ අතර එහිදී දෙවනවර කියවීමේ විවාදයෙන් පසුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලන ලදී.

අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව  පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා 2025.03.01 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත වශයෙන් බලාත්මක වේ.

Continue Reading

පුවත්

සජිත්ගේ කතාවෙන් පසු රැස්වීමේ සෙනඟ නැඟිට යති (වීඩියෝ)

Published

on

By

සමගි ජන බලවේගය විසින් ඊයේ (01) සංවිධානය කරන ලද තලවකැලේ පැවති මැයි දින රැස්වීමේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාව ඇමතීමෙන් අනතුරුව රැස්ව සිටි ජනතාව ඉවත්ව යෑම නිසා කෙටි වේලාවකින් රැස්වීම හමාර කරන්නට සිදුව ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම මැයි රැලිය ඇමතීමෙන් අනතුරුව තවත් රැස්වීමකට සහභාගි වීමට ඇති බව කියමින් එම රැස්වීමෙන් ඉවත්ව යෑමත් සමඟ රැස්ව සිටි ජනතාව විශාල සංඛ්‍යාවක්  රැස්වීමෙන් ඉවත්ව ගොස් තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ජනතාව රැස්වීමේ නතර කරගැනීමට විශාල උත්සාහයක් දැරුවත් එය සාර්ථක නොවීම නිසා කෙටි වේලාවකින් රැස්වීමේ වැඩ කටයුතු හමාර කොට තිබේ.

වීඩියෝ – NEWS 1st

Continue Reading

පුවත්

මැයි දිනයට පැමිණි මාලිමා බස් අධිවේගයේ තැන තැන නවත්වා කෑම කයි

Published

on

By

ජාතික ජනබලවේගය විසින් කොළඹ ගාලු මුවදොර පිටියේදී ඊයේ පවත්වන ලද මැයි දින සමරුමට සහභාගි වූ ආධාරකරුවන් රැගෙන පැමිණි බස් රථ අධිවේගී මාර්ගයන්හි නවත්වා ආහාර ගන්නා වීඩියෝ රැසක් සමාජ ජාල වල හුවමාරු වෙයි.

අධිවේගී මාර්ගයන්හි වාහන නතර කිරීමට හා ඒවායෙන් බැසීමට අවසර නොලැබෙන නමුත් ඊයේ දිනයේ එම නීතිය උල්ලංඝනය වී ඇත.

ඇතැම් ස්ථානයන්හි අධිවේගීමේ රථවාහන පොලිස් නිලධාරින්ද ඒ අවටම සිටිනු දක්නට ලැබේ.

බස් රථ රැසක්ම මේ ආකාරයෙන් අධිවේගී මාර්ගය අසල නවතා ආහාර ගනු එකී වීඩියෝවන්හි දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved