පුවත්

සරසවි ඇදුරන් අදත් වැඩ වර්ජනයේ

Published

on

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ආරම්භ කල වැඩ වර්ජනය අද (13) දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

එම සංගමයේ සමලේකම් කේ.එල්.ඩී.ජී රිච්මන්ඩ් මහතා පවසා ඇත්තේ අද සියලු විශ්වවිද්‍යාල ඉදිරිපිට දහවල් කාලයේදී උද්‍ඝෝෂණ පැවැත්වෙන බවය.

 මේ පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමඟ වැඩවර්ජනයේ නිරත අනධ්‍යන සේවක වෘත්තිය සමිති ඊයේ (12) සාකච්ඡා කර ඇත.

තවද ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බව රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එහි සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා පැවසු පරිදි සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක කරන කිසිදු ව්‍යාපෘතියකට තම සංගමය සහය ලබා නොදෙන බවය.

(මුලාශ්‍රය -නිවුස් ෆස්ට්)

Trending

Exit mobile version