වත්මන් ආණ්ඩුව තුළ ගජ මිතුරු දේශපාලනය නැතැයි කීවාට කැලණිය සරසවියේ සහ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ මිතුරන් ලේකම්වරු බවට පත්කර තිබෙන බව දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු සභාවාරය අතරතුරය.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
“අන්ත දක්ෂිණාංශික හෝ අන්ත වාමාංශික බලවේග වලට නොයා මැද මාවතේ ගමන් කිරීම නිසා මා සමගි ජන බලවේගය සමඟ එකතු වුණා.දැඩි විනයක් කැපවීමක් සමග කටයුතු කිරීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුට රට අනිත් පැත්තට හරවන්න පුළුවන් බව ඔබතුමන්ලා ඔප්පු කර තිබෙනවා.
අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය අවසන් වී තිබෙනවා.අලුත් නායකයන්ට ඉඩ නොදීම නිසා ඒ පක්ෂ විනාශ වී දිය වී තිබෙනවා. ඔබලාගේ ජනවරම හරියට ක්‍රියාත්මක කරනවා නම් අපේ සහයත් ලබා දෙන්න සූදානම්.
දැනට ජනාධිපතිවරුන් ගන්න දීමනා අතීතයට බලපාන පරිදි අහෝසි කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හැකියාවක් නෑ” .