පුවත්

සරසවි ප්‍රවේශය කඩිනම් කිරීමට සැලසුම්

Published

on

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග කඩිනමින් අවසන් කර සිසුන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශය ද කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඒ අනුව 2026 වසර වන විට උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවයි අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේය.

පසුගිය උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් සිසුන් ඇගයීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකලේය.

අවුරුදු 21 වන විට ප්‍රථම උපාධිය සම්පූර්ණ කිරීමට සිසුන්ට අවස්ථාව සලසාදීම අධ්‍යාපන අමාත්‍යංශයේ ඉලක්කය වන බවද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් මෙහිදී සඳහන් කරන ලදී.

Trending

Exit mobile version