පුවත්

සරසවි සිසුන් තුනක් රෝහලට යැවු ගැටුම

Published

on

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තුවාල ලැබු සිසුන් තුන්දෙනකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිසිය සදහන් කළේ එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන සහ තෙවන වසරේ අධ්‍යාපනය ලබන සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන තිබෙන බවය.

තාක්ෂණ පීඨයේ දෙවන සහ තෙවන වසරේ අධ්‍යාපනය ලබන සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් විසදීමට ගිය එම පීඨයේම අවසන් වසරේ සිසුන් පිරිසක් මෙලෙස පහර කෑමට ලක්ව ඇති බව සදහන්ය.

Trending

Exit mobile version