පුවත්

සරසවි සිසුවිය මරූ සිසුවා මානසික වෛද්‍යවරයෙක් හමුවට

Published

on

කොළඹ තුරඟ තරග පිටිය ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වු  පෙම්වතියට පිහියෙන් ඇන ඝාතනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විශ්වවිද්‍යාල තරුණයා සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත‍්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා  නියම කළේය.

සැකකාර තරුණයා මානසික අබාධයකින් පෙළෙන බව කියමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස නියම කළ මහෙස්ත‍්‍රාත්වරයා ඔහු ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයකු හමුවට යොමු කොට ඔහුගේ මානසික තත්වය පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.

කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු සැකකාර චතුරංග ද සිල්වා නමැති සිසුවා ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියට ඉදිරිපත් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතියය දැක්වෙන වැඩිදුර වාර්තාවක්ද ඉදිරිපත් කළේය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උයනේ පදිංචි කොළඔ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි චතුරි හංසිකා මල්ලිකාරච්චි නමැති තරුණීයකි.

(ලංකාදීප)

Trending

Exit mobile version