පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති සිසුවෙකු පැණිදෙණිය ප්‍රදේශයේදී දුම්රියක ගැටී මියගොස් ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි.
එසේ මිය ගොස් ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ නීති අධ්‍යයන අංශයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලැබූ චිත්සරද සිල්වා නැමැති වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මෙම සිසුවා හෑන්ඩ්ස්ෆ්‍රී උපාංග කනේ රඳවාගෙන දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී නාවලපිටිය – මහනුවර දුම්රියේ ගැටී මිය ගොස් ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි.
පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන් මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර විමර්ශන සිදු කරයි.