පුවත්

සර්වපාක්ෂික සමුළුව අද 

Published

on

ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (26) සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට නියමිතය.

ජාතික සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් එම සර්වපාක්ෂික සමුළුවේදී අවධානය යොමු කිරීමට නියමිත අතර මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත ඇරයුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයා විසින් කැඳවා ඇති මෙම සමුළුවට ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවන බව සුනිල් හදුන්නෙනෙත්ති මහතා පවසා සිටී.

එමෙන්ම අදාළ සාකච්ඡාවට සම්බන්ධ වීම සම්බන්ධයෙන් අද දිනයේ තීරණය කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසා ඇත.

Trending

Exit mobile version