පුවත්

සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත

Published

on

සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකා රක්ෂිත පැකට්, යළිත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත රැගෙන යාම ආරම්භ කළ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂ ආරක්ෂාවක් යටතේ එම කටයුතු සිදුවන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේය.

තැපැල් ඡන්ද භාවිතා කිරීම ඉහළ අගයක පැවතුන බව ඔහු පැවසීය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා දීමේ කටයුතු ද මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක බවත්, ලබන (08)වැනිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත් රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කලේය.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ තෙවැනි දිනය අදින් අවසන් වුවත් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයන්ට ලබන 11 වැනිදා අහ 12 වැනිදා අවස්ථාව හිමිවේ.

Trending

Exit mobile version