Connect with us

පුවත්

සල්ලි තිබුණට පළාත් පාලනයට පොහොට්ටුවේ කල්ලි කිහිපයක් විරුද්ධයි

Published

on

යෝජිත පළාත් පාලන මැතිවරණය මාස කිහිපයකින් කල් දමන ලෙස පොහොට්ටුවට සම්බන්ධ ප්‍රාදේශීය සභා සහ නගර සභා සභාපතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගිය බදාදා ජනාධිපතිවරයා මුණගැසුණු පොහොට්ටුව පක්ෂයට සම්බන්ධ පළාත් පාලන ආයතන ප්‍රධානීන් 47 දෙනකු මෙම ඉල්ලීම කළ බව වාර්තා වේ.

පවත්නා ආර්ථික තත්ත්වය යටතේ ජනතාව ඡන්දයකට මුහුණ දීමට තරම් සුදුසු වාතාවරණයක නොමැති බව ප්‍රකාශ කර ඇති පළාත් පාලන ප්‍රධානීන් මැතිවරණය සඳහා රජයට මෙන්ම තමන්ටත් විශාල වියදමක් දැරීම අපහසු බව පෙන්වා දී ඇති බව වාර්තා වේ.

ඔවුන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වා ඇති ජනාධිපතිවරයා පවත්නා ආර්ථික තත්ත්වය ගැන ද සලකා බලා අදාළ අංශ මැතිවරණය සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇතැයි අපේක්ෂා කරන වග සඳහන් කර තිබේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර යන මහත්වරුද මෙම හමුවට එක්ව සිට ඇත.

සල්ලි තියෙනවා…

මේ අතර, මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් මුදල් වෙන්කර ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියයි.

ඒ අනුව ඕනෑම අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීම සඳහා සූදානමින් මැතිවරණ කොමිසම මුදල් වෙන්කරගෙන තිබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කියා සිටී.

ලබන වසරේ (2023) පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට රුපියල් බිලියන 10 ක ප්‍රතිපාදන වෙන්කර ඇතැයිද සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිත වූයේ මේ වසරේදී (2022) බවත්, ඒ අනුව ඊට අදාළ ඇස්තමේන්තු කල් ඇතිවම මුදල් අමාත්‍යාංශයට යවා ඇති බවත් ඔහු කීවේය. එමෙන්ම, පළාත් සභා මැතිවරණයද ඕනෑම අවස්ථාවක පැවැත්වීමට හැකි බවද කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කර සිටී.

ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රුපියල් බිලියන 5.8 ක මුදලක් වැයවූ බවද ඔහු මාධ්‍යට හෙළිකර තිබේ.

මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණය ලබන වසරේ (2023) මාර්තු මස 19 වැනිදාට පෙර පවත්වා පළාත් පාලන ආයතන 341 ට අදාළව පළාත්පාලන සභිකයන්ගේ නම් ලැයිස්තුව ගැසට් කළයුතු බවද කියා සිටී.

2017 අංක 16 දරන පළාත් පාලන ඡන්ද විමසීමේ පනත අනුව මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ කොට්ඨාස මට්ටමින් සහ අතිරේක ලැයිස්තුවට අදාළව සභිකයන් ගැසට් කිරීම සිදු කෙරෙන බවද කොමසාරිස් ජෙනරාල්වරයා පවසා ඇත.

සාමාන්‍යයෙන් මැතිවරණයක් පැවැත්වීමට දින 60 ත් 65 ක පමණ කාලයක් ගතවන බවත්, එම හේතුව මත මෙම මස අවසන් සතියේ නාමයෝජනා දිනය පිළිබඳ අවසන් නිවේදනය යැවීමට කොමිෂන් සභාව තීරණය කළ බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සඳහන් කරයි.

මැතිවරණය සම්පූර්ණයෙන්ම නීතිමය ක්‍රියාවලියක් බවත්, ඒ අනුව පළමුව නාමයෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කරන බවත් කොමසාරිස් ජනරාල්වරයා කියා සිටී.

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ බලය මැතිවරණ කොමිසම සතුව පවතින බවත්, එය නීතිමය වශයෙන් ලැබුණු බලයක් බවත් ඔහු පෙන්වාදෙයි.

පුවත්

අධිවේගයේ යන සැමට ආසන පටි අනිවාර්ය වේ

Published

on

By

2025 අගෝස්තු 01 වන දින සිට අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන්ටආසන බඳපටි පැළඳීම අනිවාර්යය කර තිබේ.

මේ අතර  සැප්තැම්බර් 01 වන දින සිටඅධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට ද ආසන බඳපටි පැළඳීම අනිවාර්යය වේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.

රිය අනතුරුවලින් විශාල ප්‍රමාණයක් ජීවිත අහිමි වන බවත් එම තත්ත්වය මඟ හැරීම සඳහා මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම අධිවේගී මාර්ගවල ධාවනය වන සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල යන අයට ද ආසන පටි පැලඳීම අනිවාර්යය වන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මේ අතර, 2011 වසරේ සිට ආසන පටි පැලඳීම අනිවාර්යය කර තිබුණ ද සැහැල්ලු වාහන සඳහා එම නීතිය තරමක් ක්‍රියාත්මක වුවත් ලොරි සහ බස්රථ එම නීතිය මඟ හැර සිටි බවත් අද (01)  සිට බස් හා ලොරි රථ රියදුරන්ට ආසන පටි පැලඳීම අනිවාර්යය වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා කියා සිටියේ, මෙය හුදෙක් නීතිය ක්‍රියාත්මක කිරීමක් නොවන අනතුරුවලින් සිදුවන හානිය අවම කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පුළුල් වැඩපිළිවෙලේ එක් කොටසක් බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ශ්‍රීලංකන් හිටපු සභාපති අධිකරණයට

Published

on

By

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ජ්‍යෙෂ්ඨ පුරවැසි විශේෂ පොලී යෝජනා ක්‍රමය අද සිට

Published

on

By

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යෝජිත විශේෂ පොලී යෝජනා ක්‍රමය අද (01) සිට බලපැත්වෙන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

2025 අයවැය යෝජනා යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සුදුසුකම් ලබයි.

මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතු 2025 ජූලි 1 සිට 2025 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ විවෘත කළ හැකි අතර, එවැනි සියලුම තැන්පතු සඳහා මාස 12 ක ස්ථාවර තැන්පතු කාලයක් තිබිය යුතුය.

මේ අතර, ණය යෝජනා ක්‍රමය යටතේ තැන්පතුවල මුළු වටිනාකම තැන්පත්කරුවෙකුට රුපියල් මිලියන 1 නොඉක්මවිය යුතුය.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය ස්ථාවරය සහතික කිරීම සඳහා රු මිලියනයක වසරක ස්ථාවර තැන්පතු සඳහා වෙළෙඳපොළේ පවතින පොලී අනුපාතිකයට වඩා සියයට 3ක වාර්ෂික පොලී අනුපාතයක් ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පවසා තිබුණි.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවිය යුතු සියයට 3% පොලියට අවශ්‍ය ප්‍රතිපාදන සඳහා රජය 2025 අයවැය යටතේ රුපියල් බිලියන 15ක් වෙන් කර ඇත.

මෙම යෝජනා ක්‍රමයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට කැමති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අද සිට ළඟම ඇති බැංකු ශාඛාව වෙත ගොස් ජාතික හැඳුනුම්පත (NIC) සහ IRD විසින් නිකුත් කරන ලද TIN ඇතුළු අනෙකුත් අවශ්‍ය ලියකියවිලි සමඟ මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතුවක් විවෘත කරන ලෙසට රජය ආරාධනා කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved