දුම්රිය රියදුරන් කොටසක් හදිසියේ සේවයෙන් ඉවත්වීම නිසා අද (15) පෙරවරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය 10කට අධික සංඛ්‍යාවක් අවලංගු කර තිබුණු අතර, අද පස්වරුව වන විට විශාල දුම්රිය ප්‍රමාණයක් මේ හේතුවෙන් අවලංගු වනු ඇතැයි වාර්තා වේ.
විදුලි බලවේග ධාවනාගාරයේ විවේකාගාරයේ ගැටලුවක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.
අදාළ ගැටලුවට විසඳුම් නොලැබෙන්නේ නම් අඛණ්ඩව වෘත්තිය ක්‍රියාමාර්ගය සිදුකරන බව ද වෘත්තීය සමිති සන්ධානයේ” කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා පවසා ඇත.