අද දවසේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නිවේදනයේ සඳහන්ය.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, නැගෙනහිර සහ ඌව පළාත්වල හා හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.
බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිබවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් දන්වා සිටී.