Connect with us

පුවත්

සහල් මිල පාලනය ඉවත් කරන්න සූදානම් නෑ

Published

on


සහල් සඳහා රජය විසින් පනවා ඇති පාලන මිල ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (28) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය.

“කොතරම් අය එළියෙදී යෝජනා ඉදිරිපත් කළත් ඒ සහල් මිල පාලනය ඉවත් කරන්න සූදානම් නෑ. සහල්වල ප්‍රශ්නය තියෙන්නේ, ඔය රතු කැකුළුවල ප්‍රශ්නයක් තියෙනවා. ඇතැම් තැනක පෝලිමක් ආවොත් එන්නේ නාඩු සහලවල නෙමයි රතු කැකුළුවලට. ඉතින් රතු කැකුළු ප්‍රශ්නය විසඳන්න මේ කන්නයේ ගොයම් කැපෙනතුරු ඉන්න ඕනේ. සති දෙකකට ආසන්න කාලයක් තුළදී අපි බලාපොරොත්තු වෙනවා මේ රතු කැකුළු ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳෙයි කියලා. මේ කන්නයේදී  මෙට්‍රික් ටොන් ලක්ෂ 07ක රතු කැකුළු අස්වැන්නක් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. නාඩු ප්‍රශ්නයට අපි විසඳුමක් ලාබා දුන්නා. මේ ප්‍රශ්නයට ක්‍රමාණුකූල විසඳුමක් දී ගෙන යනවා. අනික් පැත්තෙන් මේ අවස්ථාව දඩමීමා කරනගෙන කවුරු හරි අයුතු ලාභයක් ගන්න හදනවානම් පාරිභෝගික කටයතු අධිකාරය හරහා  වැටලීම් කරනවා.”

පුවත්

මියන්මාර සයිබර් කඳවුරුවල සිටි සියලු ශ්‍රී ලාංකිකයන් මුදාගනී

Published

on

By

මියන්මාරයේ සයිබර් කඳවුරුවල සිටි සෙසු ශ්‍රී ලාංකිකයන් 15 දෙනා ද අද (06) මුදවාගත් බව විදේශ අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අදාළ කඳවුරුවල සිටි සියලු ශ්‍රී ලාංකිකයන් මේ වනවිට මුදාගෙන අවසන් බව විදේශ අමාත්‍යංශය සදහන් කළේය.

Continue Reading

පුවත්

පස්වරැ 02 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය (UPDATE)

Published

on

By

අද (06) දහවල් 2 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය  40% ඉක්මවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව,

  • මන්නාරම – 54%
  • රත්නපුර – 50%
  • වව්නියාව – 49%
  • අම්පාර  – 48%
  • බදුල්ල – 48%
  • මාතර – 45%
  • කෑගල්ල – 45%
  • කළුතර – 45%
  • පොළොන්නරුව – 45%
  • මොණරාගල – 43%
  • හම්බන්තොට – 42%
  • පුත්තලම – 40%
  • අනුරාධපුරය – 40%
  • කොළඹ -40%
  • කිලිනොච්චිය – 39%
  • ගම්පහ – 36%
  • යාපනය – 34%

(පෙර පුවත 2025 මැයි 06 ප.ව.2.25)

දහවල් 1 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

අද (06) දහවල් 1 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 35% ඉක්මවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව,

  • බදුල්ල – 48%
  • මන්නාරම – 47%
  • මොණරාගල – 43%
  • අම්පාර  – 41%
  • අනුරාධපුරය – 40%
  • කිලිනොච්චිය – 39%
  • පුත්තලම – 38%
  • රත්නපුර – 38%
  • ගම්පහ – 36%
  • යාපනය – 34%

(පෙර පුවත 2025 මැයි 06 ප.ව.1.26)

මධ්‍යහ්න 12 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

අද (06) මධ්‍යහන 12 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 30 ඉක්මවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව,

  • මාතර – 42%
  • මන්නාරම – 40%
  • ත්‍රිකුණාමලය – 36%
  • බදුල්ල – 36%
  • ගාල්ල – 35%
  • යාපනය 35%
  • පොළොන්නරුව – 34%
  • කෑගල්ල – 33%
  • මහනුරව 33%
  • අම්පාර  – 31%
  • රත්නපුර – 30%
  • පුත්තලම  – 30%
  • අනුරාධපුර 30%
  • කොළඹ – 28%

(පෙර පුවත 2025 මැයි 06 ප.ව.12.47 )

පෙරවරු 11 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

අද(06) පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව පෙරවරු 11 වන විට ඡන්දදායකයින් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහතින් දැක්වේ.

  • වවුනියාව – 37%
  • ත්‍රිකුණාමලය – 28%
  • රත්නපුර – 20%
  • කෑගල්ල – 25%
  • මන්නාරම – 26%
  • හම්බන්තොට – 20%
  • අනුරාධපුර – 22%
  • දිගාමඩුල්ල – 26% 

Continue Reading

පුවත්

මහින්දානන්ද හා ශෂීන්ද්‍ර අත්අඩංගුවට..?

Published

on

By

2021 වසරේ චීන සමාගමකින් ගෙන්වූ පොහොර තොගයක් ප්‍රමිතියෙන් තොර වීම නිසා රජයට ඩොලර් මිලියන 6.9ක අලාභයක් සිදුවූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින්  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ විමර්ශන නිලධාරීන් විසින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

එවකට කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ලෙස කටයුතු කල මහේෂ් ගම්මන්පිල මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර, ඔහු අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් මේ තොරතුරු හෙළි කළහ.

හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවද නිලධාරීන් විසින් එහිදී අනාවරණය කර තිබේ.

2021 වසරේ මෙරට කෘෂිකර්ම අමාත්‍ය ධුරය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් දරන ලද අතර කෘෂිකර්ම රාජ්‍ය ඇමති ලෙස කටයුතු කලේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved