පුවත්

සහල් වී තොග ගැන සමීක්ෂණ වාර්තාව ලේකම්ට

Published

on

මෙරට සහල් සහ වී තොග සම්බන්ධ සමීක්ෂණයේ වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, එම වාර්තාව අමාත්‍යාංශ ලේකම් මගින් ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කෙරෙන බවය.

දිස්ත්‍රික්ක 21ක වී සහ සහල් තොග සමීක්ෂණයේ වාර්තාව මේ අනුව අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කර තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ, ජනපති උපදෙස් සහ අමාත්‍යාංශයෙන් ලද උපදෙස් මත හඳුනා ගත් දිස්ත්‍රික්කවල වී සහ සහල් තොග පිළිබඳ විමර්ශනය කළ බවය.

Trending

Exit mobile version