පුද්ගල ඝාතනයකට වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු හට අද (15) දිනයේදී හම්බන්තොට මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.
මෙලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ තිස්සමහාරාම පොලිසියට අනුයුක්තව සේවය කළ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් සිවුදෙනෙකුටයි.
2005 වර්ෂයේදී තිස්සමහාරාම ප්‍රදේශයේ වැටලීමක් අතරතුරදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් එම නිලධාරීන්ට මරණ දඬුවම නියම කෙරිණි.