පුවත්

ස්ථාන මාරු නියෝග නොතකන ගුරුවරුන්ට වැටුප් නෑ- අධ්‍යාපන අමාත්‍යාංශය

Published

on

ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ ස්ථාන මාරු නියෝග අනුව කටයුතු කරන්නැයි අවස්ථා කිහිපයකදීම ඔවුන් දැනුවත් කර ඇතත් ඒ පිළිබඳ තැකීමකින් තොරව ඔවුන් තමා පෙර සිටි පාසල්වලම සේවය කරන බවට පැමිණීලි ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් ඇතැම් ගුරුවරුන් සේවා අවශ්‍යතාව මත දැනට සිටින පාසල්වලම රඳවා ගැනීමට විදුහල්පතිවරුන් ඉල්ලීම් කර ඇති අතර එවැනි ගුරුවරුන්ට මෙම තීරණය බලාත්මක නොවන බවද ඒම අමාත්‍යංශය කියයි.

එසේම අතිරික්ත ගුරුවරුන් සිටින පාසල්වලින් ගුරුවරුන් හිඟව පවතින පාසල්වලට අනියුක්ත කිරීමේ වැඩපිළිවෙලක්ද මේ වන විට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

පවතින ගුරු පුරප්පාඩු පිළිබඳ සැලකිල්ලට ලක් කර මෙම තීරණය ක්‍රියාත්මක බව අමාත්‍යාංශය කියා සිටී.

Trending

Exit mobile version