පුවත්

ස්පා එකකදි විදෙස් කතට අතවර කල අයෙක් අත්අඩංගුවට

Published

on

සම්භාහන මධ්‍යස්ථානයකදී ඊශ්‍රායල් කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා ලද පුද්ගලයෙකු පොතුවිල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සංචාරය සඳහා පැමිණි විදේශීය කාන්තාව ‘උල්ල’ සංචාරක කලාපයේ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයක් වෙත ගිය අවස්ථාවේ දි මෙම අතවරයට මුහුණ දී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු චන්දිමාල් නැමැති 39 හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පැවසෙන අතර, ඔහු අද දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Trending

Exit mobile version