මෙරට තරුණ පරපුර නව වැඩ ලෝකයට සූදානම් කිරීමින් ස්මාට් වැඩ්ඩන් කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළ ‘ස්මාට් යූත් කල්බ්’ වැඩසටහනේ පළමු දිගහැරුම අද (01) දින අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
ඒ, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ සංවිධානය කළ ජයගමු ශ්‍රී ලංකා ජංගම සේවා වැඩසටහනට සමගාවීමවය.
එහිදී අමාත්‍යවරයා පැමිණ සිටි තරුණ පිරිස අමතමින් රාමුවෙන් පිට සිතීම තුලින් සහ දැඩි කැපවීම මගින් දියුණුව කරා යාමට අවස්ථාව හිමිවන බවද සඳහන් කළේය.
මෙරට තරුණ පරපුර නිසි මඟ පෙන්වීමක් මත ආර්ථිකයේ දියුණුව කරා යොමු කළ හැකි බවත් ඊට අවශ්‍ය පුහුණු කිරීමවලට සහය දීම සඳහා ජනාධිපති අරමුදල මගින් මුදල් ලබාදීමට ජනාධිපතිවරයා ඉදිරිපත්ව ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කර සිටියේය.
(ඡායා : අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ෆේස්බුක් පිටුවෙනි)