Connect with us

පුවත්

ස්වදේශී කර්මාන්තායතනය පට්ට හොරෙකුට අහුවෙලා!

Published

on

ස්වදේශී කර්මාන්තායතනයෙ (Swadeshi Industrial Works PLC) හි රුපියල් එක්කෝටි විසිතුන් ලක්ෂයක් වටිනා සබන්, ෂැම්පෝ, පවුඩර් ආදිය පැටවූ ලොරියක් සොරකම් කරගෙන පලාගිය සැකකරුවන් තිදෙනකු කිරිබත්ගොඩ පොලිසිය විසින් පෙරේදා (22) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් අතර සිටින ප්‍රධාන සැකකරු ලොරියේ හිමිකරු බවත් සෙසු සැකකරුවන් දෙදෙනා අපරාධය සඳහා ආධාර අනුබල ලබාදී ඇති බවත් පොලිසිය පවසයි. 

කෙසේවුවද, ලොරියේ හිමිකරු මෙවැනිම වංචා කිහිපයකට සම්බන්ධ අයෙක් බවද පසුව හෙළිව තිබේ.

කඳානේ පිහිටි ස්වදේශී කර්මාන්තායතනයෙ (Swadeshi Industrial Works PLC) සබන් සමාගමට අයත් සබන් තොගයක් ලොරියක පටවා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි ගබඩාවකට යවා තිබුණේ පසුගිය 16 වැනිදාය.

මෙදින ලොරි රථයේ රියැදුරු හා සහායකයා ලොරි රථ හිමිකරු පැමිණ පිටත්කර යවා තිබුණේ භාණ්ඩ තොගය බෑම පසුදින සිදුකරන බව කියමිනි.

ඒ බව ගබඩාවටත් සබන් සමාගමටත් ලොරි රථයේ හිමිකරු දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත් පසුදින රුපියල් එක්කෝටි විසිතුන් ලක්ෂයක් වටිනා සබන් තොගය සමගින් ලොරිය අතුරුදන්ව තිබෙන අතර මේ සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

සහකාර පොලිස් අධිකාරී වීරසිංහ හේරත් ගේ අධීක්ෂණය මත කිරිබත්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ ඇතුළු නිලධාරීන් කරන ලද විමර්ශනයට අනුව තොරතුරක් ලැබී තිබුණේ අනුරාධපුර ප්‍රදේශයේ අඩු මිලට සබන් අලෙවි කරන බවය.

මේ අනුව අනුරාධපුරයට ගිය පොලිස් නිලධාරීන්ට සබන් අලෙවි කළ පුද්ගලයකු පවසා ඇත්තේ මෙම සබන් ලොරියකින් තමන් මිලදී ගත් බවය.

මේ අනුව සබන් අලෙවි කළ පුද්ගලයාගේ දුරකතන අංකය ලබාගත් පොලිසිය උපායදූතයකු මාර්ගයෙන් රුපියල් දහසය දහස බැගින් වටිනා සබන් පෙට්ටි තුනක් කොළඹට ගෙන්වා ගනිමින් සැකකරු අත්අඩංගුවට ගත් අතර ඒ අනුව මෙම සබන් තොගය සොරකම් කර ඇත්තේ ලොරියේම හිමිකරු බවට අනාවරණය වී ඇත.

මේ අනුව සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහි ප්‍රධාන සැකකරු මෙවැනිම ආකාරයෙන් ප්‍රසිද්ධ නූඩ්ල්ස්, බිත්තර, සීනි සමාගම්වලින් ද භාණ්ඩ තොග වශයෙන් සොරකම් කර තිබෙන බවට අනාවරණය වී ඇති අතර අනාවරණය නොවූ තවත් සොරකම් අටකට වැඩි ප්‍රමාණයක් ද සැකකරු විසින් සිදුකර තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇත.

සැකකරු පසුගිය වසරේ මාර්තු මාසයේදී මොරටුමුල්ල ප්‍රදේශයේ තොග සහ සිල්ලර වෙළෙඳසලක රුපියල් ලක්ෂ 22ක පමණ සීනි තොගයක් ද සහිත ලොරියක් රැගෙන පලාගොස් තිබූ අතර එම ලොරිය සීනි තොගය නොමැතිව පිළියන්දල ප්‍රදේශයේදී අතහැර දමා තිබියදී සොයා ගෙන තිබිණි.

පුවත්

විශේෂ පාර්ලි­මේන්තු රැස්වී­ම (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ කාරක සභාව තීර­ණය පරිදි අද (30) දින පාර්ලි­මේ­න්තුවේ විශේෂ රැස්වී­මක් පැවැත්වේ.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලැබූ ඉල්ලීමක් මත කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද මෙලෙස පාර්ලිමේන්තුව කැඳවා ඇත.

රාජ්‍ය මූල්‍ය කළ­ම­නා­ක­රණ පනතේ 11 වැනි වග­න්තිය ප්‍රකා­රව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදි­නට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝ­පාය ප්‍රකා­ශ­යක් නිවේ­ද­නය කිරීමේ අව­ශ්‍ය­තාව සම්පූර්ණ කිරීම සඳහා පාර්ලි­මේ­න්තුව මෙලෙස රැස්වී­ තිබේ.

මීට අදා­ළව ආණ්ඩුව ගෙන එන සභාව කල්තැ­බීමේ විවා­දය අද සවස 4.30 දක්වා පැවැත්වෙනු ඇත.

සභාව කල්තැ­බීමේ මෙම විවා­ද­යෙන් පසුව පාර්ලි­මේ­න්තුව නැවත ජූලි මාසයේ 8, 9 සහ 11 යන දින­වල රැස්වී­මට නිය­මිතය.

අද දින පාර්ලිමේන්තුවේ සජීවි විකාශය ,

Continue Reading

පුවත්

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි 05දෙනෙකුට ස්ථාන මාරු

Published

on

By

රාජ්‍ය නිවේදිත නිලධාරීන් 5 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙය සිදුකර ඇති බවය.

අදාළ පත්කිරීම් හා ස්ථානමාරු කිරීම් මෙසේය

Continue Reading

පුවත්

ධීවර යාත්‍රා අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්

Published

on

By

දිගින් දිගටම සිදුවන ධීවර යාත්‍රා අනතුරට ලක්වීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අදාළ අනතුරුවලට හේතුවූ කරුණු හා ඒ සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳව අවධානය යොමුකිරීමේ අරමුණින් මෙම කමිටුව පත්කර ඇති බවය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved