පුවත්

ස්වාධීන කොමිෂන් සභා 10කට මේ මාසයේ සාමාජිකයෝ පත් කෙරෙති

Published

on

ස්වාධීන කොමිෂන් සඳහා නව සාමාජිකයින් පත් කිරීම මේ මාසය ඇතුළත සිදු කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. 

එහි මූලික කටයුතු මේ දිනවල සිදුවන බවද ඔහු කියා සිටී.

අවස්ථා ගණනාවකදී මේ පිළිබඳව ආණ්ඩුක්‍රව ව්‍යවස්ථා සභාව රැස්වී සාකච්ඡා කර තිබේ.

මේ අනුව ස්වාධීන කොමිෂන් සභා 10 කට නව සමාජිකයින් පත් කිරීමට නියමිතය.

ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකත්වය ඉල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර තිබූ අයදුම්පත් සංඛ්‍යාව 1600කට අධික ය.

Trending

Exit mobile version