මෙතෙක් පත්කර නොමැති ස්වාධීන කොමිෂන් සභා 7න් 6ක් සඳහා සාමාජිකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ඉදිරි සතිය තුළ පත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.
දැනට ක්‍රියාත්මකව පවත්නා පළාත් පාලන මැතිවරණ ක්‍රියාදාමය අවසන් වනතුරු ස්වාධීන මැතිවරණ කොමිසම පත් නොකළ යුතු බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ව්‍යවස්ථා සභාවට යෝජනා කර ඇති බැවින් ඒ ගැන තීරණයක් ගන්නා තෙක් සෙසු කොමිෂන් සභා පත් කෙරෙනු ඇතැයි පැවසේ.
රාජ්‍ය සේවා කොමිසම හා ජාතික විගණන කොමිසමට මේ වන විටත් සාමාජිකයෝ පත් කර ඇති බව වාර්තා වේ.
එසේ සාමාජිකයන් පත් කළ යුතු සෙසු කොමිෂන් සභාවන්නේ මානව හිමිකම් කොමිසම ජාතික පොලිස් කොමිසම – අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, සීමා නිර්ණය කොමිසම, ජාතික ප්‍රසම්පාදන කොමිසම, මුදල් කොමිසම සහ මැතිවරණ කොමිසමය.
ලබන 25 දා සවස 3.00ට මෙම කොමිෂන් සභා සඳහා සාමාජිකයන් තෝරා ගැනීම පිණිස කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සභාව රුස්වීමට නියමිතය.