විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිතිය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොම්ෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යය සම්පත් අමරතුංග මහතා අතර අද (18) පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බව එම කමිටුවේ සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා පවසයි.
ප්‍රතිපාදන සභාවේ සභාපතිවරයා ලිඛිත විසඳුමක් ඒ සඳහා ලබාදීමට ඉල්ලා සිටියද මේ වන විට බලධාරීන් එවැනි විසඳුම් කෙරෙහි තමන්ට තිබූ විශ්වාසය පලුදු කර ඇති හෙයින් එවැන්නකට එකඟ නොවූ බව ඒ මහතා පැවසීය.
ඒ හේතුවෙන් දැනට දින 47ක් ගත වී ඇති තම වෘත්තීය ක්‍රියාමාර්ගය නිත්‍ය විසඳුමක් ලැබෙන තුරුම අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කළ බවද සභාපතිවරයා විසින් පවසන ලදී.
මේ අතර ඇතැම් විශ්වවිද්‍යාලවල විභාග කටයුතු පැවැත්වෙන බවත් එලෙස කරන පිරිස් තම වෘත්තීය සමිති මෙහෙවන ශිෂ්ඨ සම්පන්න ක්‍රියාවලියට බාධා කරන්නන් ලෙස හැඳින්විය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.
සබැඳි පුවත්:
අනධ්‍යයන සේවකයින් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර සාකච්ඡාවක්