පුවත්

සාජන්ගේ පිස්තෝලේ පත්තුවුණ හැටි සොයන්න වැඩබලන IGP ගෙන් විමර්ශනයක්

Published

on

උප පොලිස් පරික්ෂකවරයෙකු සතු ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු මියායාමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ කණ්ඩායමක් පත් කර තිබේ. 

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටින්නේ, සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ මූලිකත්වයෙන් පත් කළ එම කණ්ඩායම ඊයේ රාත්‍රියේම නාරම්මල ප්‍රදේශයට ගිය බවයි.

පරීක්ෂණවලින් අනතුරුව වග කිව යුතු පාර්ශවවලට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බවද ඔහු කියා සිටී.

උප පොලිස් පරික්ෂකවරයෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී ලොරි රථ රියැදුරෙකු ඊයේ රාත්‍රියේ මිය ගියේ ය.

සබැඳි පුවත්
නාරම්මල පොලිස් වෙඩි තැබීම ගැන ආන්දෝලනාත්මක වීඩියෝවක් 

Trending

Exit mobile version