පොදු ආරක්ෂාව සහතික කිරීම හා සාමය සුරැකීම සඳහා ‘සාමකාමී බ්‍රික්ස් යාන්ත්‍රණයක්’ ගොඩනැංවීමට ඉවහල් වන ලෙස චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බ්‍රික්ස් සමූහයෙන් ඉල්ලා සිටියි.
ඔහු එසේ පැවසුවේ රුසියාවේ පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට අදාලව ඔක්තෝබර් 23 වැනිදා පැවති බ්‍රික්ස් රාජ්‍ය නායකයින්ගේ හමුවක් අමතමිනි.
ලොව පුරා ආරක්ෂාව සහතික කිරීමට මග පෑදිය හැක්කේ පොදු, විස්තීර්ණ, සහයෝගීතාවෙයන් යුත් හා තිරසාර ආරක්‍ෂාව පිළිබඳ දැක්මක් වැළඳ ගැනීමෙන් පමණක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.
16 වැනි බ්‍රික්ස් සමුළුව ඔක්තෝබර් 22 වැනිදා සිට 24 වැනිදා දක්වා රුසියාවේ කසාන් නුවර පැවත්වේ.