අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය යළි 10 ශ්‍රේණියේ දී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මේ වන විට අදාල පාර්ශවයන් සමඟ සාකච්ඡා කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
ආරම්භක යුගයේ දී සිසුන් විසින් 10 ශ්‍රේණියේදී පෙනී සිටි මෙම විභාගය, පසුකලෙකදී 11 ශ්‍රේණිය දක්වා වසරකින් දිගු වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඉදිරියේදී සිදුකරන අධ්‍යාපන පරිවර්තනයේදී මේ පිළිබඳව සළකා බලන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.