පුවත්

සා /පෙළ හා උ/ පෙළ ලියූ සිසුසිසුවියන්ට වෘත්තීය අධ්‍යාපන අවස්ථාවක්

Published

on

අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අවසන් කරන ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෘත්තීය අධ්‍යාපනයට යොමුවන තෙක් පාසැල් පද්ධතිය තුළ රඳවා ගනිමින් වෘත්තීය අධ්‍යාපනයට අදාල මූලික ක්ෂේත්‍ර 5ක් ආවරණය වන පරිදි විෂය මාලාවක් සම්පූර්ණ කිරීමට අවස්ථාව සලසා දීමේ වැඩපිළිවෙලක් රජය විසින් සැලසුම් කර තිබේ.

වෘත්තීය අධ්‍යාපනය සඳහා පොදුවේ වැදගත් වන තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂාව ප්‍රධාන වශයෙන්ද ඊය සමගාමීව මෘදු කුසලතා වර්ධනය කිරීමද එකී වැඩසටහන මගින් අපේක්ෂා කරනු ලබයි.

ප්‍රථමයෙන්, යෝජිත වැඩසටහන නියමු ව්‍යාපෘතියක් වශයෙන් දිවයිනේ සෑම අධ්‍යාපන කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි තෝරාගත් පාසැල් 320ක මාස 3-4ක කාලසීමාවක් සඳහා ක්‍රියාත්මක කිරීමටත්, ඉන් අනතුරුව නියමු ව්‍යාපෘතියේ ප්‍රතිඵල මත 2024 වසරේ සිට එම ව්‍යාපෘතිය ජාතික වැඩසටහනක් වශයෙන් ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

Trending

Exit mobile version