Connect with us

පුවත්

සැත්කමකදී දරුවකු මරණයට පත්වීමේ සිද්ධියේ අධිකරණ තීන්දුව ලබා දෙයි

Published

on

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර ලබාගැනීමට ඇතුළත් කෙරුණු කොටහේන ප්‍රදේශයේ පදිංචි තුන් හැවිරිදි හම්දි ෆස්ලිම් නමැති පිරිමි දරුවෙකු මරණයට පත්වීමේ සිද්ධිය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (11) ප්‍රකාශයට පත් කරන ලදී.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා සඳහන් කළේ ආසාදනය වී තිබූ එක් වකුගඩුවක් සැත්කමකින් ඉවත් කිරීමෙන් අනතුරුව මූත්‍රා පෙරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇති වූ කම්පනය හේතුවෙන් මෙම දරුවාගේ මරණය සිදුවී ඇති බවය.

ඒ අනුව මෙම දරුවාගේ මරණය රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල හේතුවෙන් සිදුවී ඇති බවට සාක්ෂි අනාවරණය වන්නේ නම් ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අතිරේක මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කලේය.

තම දරුවා වකුගඩු සැත්කමක් සිදුකිරීමෙන් අනතුරුව වෛද්‍ය කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල හේතුවෙන් ඔහු මියගිය බව පවසමින් දරුවාගේ දෙමව්පියන් විසින් බොරැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදු කෙරුණි.

පුවත්

මාස 5ට රිය අනතුරුවලින් ජීවිත 965ක් අහිමි වේ

Published

on

By

මේ වසරේ ගත වූ කාලය තුළ පුද්ගලයින් 965 දෙනෙකු රිය අනතුරුවලින් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, මේ වසරේ ජනවාරි මස පළමු වන දින සිට මැයි මස 13 වන දින දක්වා කාලය තුළ දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් මෙම පිරිස මියගොස් ඇති බවය.

එම කාලය තුළ මාරක රිය අනතුරු 902ක් වාර්තා වී තිබේ.

ඊට අමතරව මේ වසරේ ගත වූ කාලය තුළ බරපතළ අනතුරුව 1,842ක් වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

අපරික්ෂාකාරී ධාවනය , බිමත්ව රිය ධාවනය සහ වාහන නිසි පරිදි නඩත්තු නොකිරම අනතුරු රැසකට හේතුවී ඇති බව පොලීසිය පවසනවා.

රිය අනතුරු අවම කිරීම සදහා විශේෂ වැඩපිලිවෙලක් පොලීසිය විසින්  දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද ඒ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

වැඩි මිලට විකිණූ හොර පොහොර

Published

on

By

ව්‍යාජ ලෙස සකස් කරන ලද පොහොර ගොවීන්ට වැඩි මිලට අලෙවි කළ පොලොන්නරුව, සිරිපුර ප්‍රදේශයේ මහා පරිමාණ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් වටලා, එහි කළමනාකාරවරයකු ඇතුළු සේවකයන් දොළොස්දෙනකු පොලොන්නරුව කොට්ඨාස විමර්ශන අංශය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන ඇත.

දීර්ඝ කාලයක සිට නයිට්‍රජන් සියයට විසි එකක් (21%) පවතින පොහොර ඉතා අඩු මිලට ගෙනවිත්, සියයට හතළිස් හයක් (46%) නයිට්‍රජන් පවතින බව සඳහන් කර එම පොහොර බෑග්වල අසුරා ගොවීන්ට වැඩි මිලට අලෙවි කර ඇතැයි පැවසේ.

කලවම් කරන ලද පොහොර මිටි දහසකට ආසන්න සංඛ්‍යාවක්, පොහොර පටවා තිබූ ලොරි හතරක් සහ තවත් උපකරණ තොගයක් පොලොන්නරුව කොට්ඨාස විමර්ශන අංශය භාරයට ගෙන තිබේ.

මෙම ජාවාරම් සිදුකරන ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, වැටලීම සිදු කරන අවස්ථාවේදී සේවකයන් එකොළොස්දෙනකු එම පොහොර මිශ්‍ර කරමින් සිටි බව එම විමර්ශන නිලධාරිහු පැවසූහ.

අත්අඩංගුවට ගත් මෙහි කළමනාකරු බව කියන පුද්ගලයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, පොහොර ඇසුරුම් කරමින් සිටි සේවකයන් මඩකලපුව සන්ධිවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය සඳහන් කළේය.

වැඩි මිල සටහන් කරන ලද හිස් පොහොර මලු දෙදහකට ආසන්න සංඛ්‍යාවක්, පොහොර බෑග් මහන යන්ත්‍ර සහ මිල සටහන් කරන යන්ත්‍ර සූත්‍ර කිහිපයක්ද එම නිලධාරින් භාරයට ගෙන තිබේ.

මෙම ජාවාරම කරගෙන ගිය බව කියන ප්‍රධාන සැකකරු විසින් පෞද්ගලික පොහොර සමාගමකින් කිලෝ ග්‍රෑම් 50 මිටියක් රුපියල් පන්දහසක් වැනි මිලකට ලබාගෙන ඇත.

පසුව ඒවා අරලගංවිල, සිරිපුර, වැලිකන්ද ඇතුළු පොලොන්නරු දිස්ත්‍රික්කය පුරා සිටින ගොවීන්ට සහ අලෙවි නියෝජිතයන්ට බෙදා හැර තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.

ඒ අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විශාල බිම් ප්‍රමාණයක වී වගාව සඳහා යල මහ දෙකන්නයේ බොහෝ ගොවීන් පිරිසක් කලක සිට යොදාගෙන ඇත්තේ මෙම ජාවාරම්කරුවාගෙන් ලබාගන්නා පොහොර බවත් ගොයම කහගැන්වී අස්වැන්න අඩුවීමට එය හේතුවක් වී ඇති බවට තොරතුරු හෙළිදරව් වී ඇති බවත් පොලිසිය පැවසීය.

මේ අතර මෙම මහා පරිමාණ ජාවාරම සඳහා ප්‍රධාන සැකකරු සමග තවත් කිහිපදෙනකු සම්බන්ධ වී ඇති බවට සැකකරන බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කළේය.

අදාළ සැකකරුවන් බී වාර්තාවක් මගින් පොලොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (14) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

මාර්ග අනතුරු අවම කිරිමට දැඩි නීති

Published

on

By

මාර්ග අනතුරු අවම කිරිමට දැඩි නීති රීති ගෙන ඒමට අවශ්‍ය බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට තිබෙන නීතී රිති ද ශක්තිමත් කරන බවය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පවතින නීතී රිති පොලිස් නිලධාරින් විසින් නිසි ලෙස ක්‍රියාවට යෙදවිය යුතු බවයි.

පොලිස් නිලධාරීන් විසින් එම නීති රීති ක්‍රියාවේ යොදවන්නේ නැති අවස්ථා පිළිබඳව ද සොයා බලන බව අමාත්‍යවරයා විසින් සදහන් කරන ලදී.

කොත්මලේ බස් රථ අනතුර පිළිබද විමර්ශනය කිරිමට පත් කළ කමිටු වාර්තාව සති දෙකක් තුළ ලැබෙන බව අමාත්‍යවරයා පවසයි.

එම කමිටුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරිණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved