Connect with us

පුවත්

සැප්තැම්බරේ ගතවූ දින 10ට ඩෙංගු රෝගීන් 900ක්

Published

on

සැප්තැම්බර් මාසයේ ගතවු දින 10ක කාලය තුළ පමණක් ‍ඩෙංගු රෝගීන් 900කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබුණ ද පවතින වැසි තත්ත්වයත් සමග යළිත් මදුරු ගහනයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා මෙම අදහස් පළකර තිබිණි.

“පසුගිය මාසයේ අපිට රෝගීන් 5,000ක වගේ ප්‍රමාණයකුත් මේ මාසයේ දින 10ක වගේ කාලය තුළ අපිට රෝගීන් 900කට ආසන්න ප්‍රමාණයකුත් වශයෙන් තමා වාර්තා වෙන්නේ. විශේෂයෙන් බස්නාහිර පළාත තමා 50%කට ආසන්න ප්‍රමාණයක් සමස්ත රෝගීන් ප්‍රමාණයෙන් නිරීක්ෂණය වෙන්නේ. කෙසේවෙතත් පසුගිය වකවාණුව අනුව සංසන්ඳනය කරාම පසුගිය මාසයත් මේ මාසයත් යන දත්ත අනුව රෝගීන්ගේ සැලකිය යුතු අඩුවක් තමා අපි නිරීක්ෂණය කරන්නේ. දෛනික රෝගීන් ඉහළ මට්ටමක සිට පහළ මට්ටමකට පැමිණ තිබෙනවා. දිනකට රෝගීන් 100ක් 125ක් වගේ වාර්තා වෙන තත්ත්වයක් දක්වා. කෙසේනමුත් දැනට වාර්තා වන ආකාරයට දිවයින පුරා කඩින් කඩින් වැසි තත්ත්වයක් පවතිනවා. එම නිසා මේ ප්‍රදේශවල මදුරු ගහනය වැඩිවිය හැකි අවදානමක් තියෙනවා.”

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved