පුවත්

සැම්සන්ගේ මුණුබුරාගේ ගෙට වෙඩි තිබ්බේ පවුලේ කොන්ත්‍රාත්තුවකට?

Published

on

DSI සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සැම්සන් රාජපක්ෂ මහතාග‌ේ මුණුබුරකු වන එම සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ සජිත් රාජපක්ෂ මහතා ගේ බොරැල්ල හරස්පාරේ පිහිටි නිවසට ඊයේ (22) එල්ල කළ වෙඩි ප්‍රහාරය පවුලේම කොන්ත්‍රාත්තුවක් මත සිදුව තිබෙන බවට පොලිසියට සැක මතුව ඇතැයි වාර්තා වේ.

බොරැල්ල හරස් පාරේ පදිංචි විධායක අධ්‍යක්ෂවරයාගේ නිවසේ ගේට්ටුවට ඊයේ අලුයම මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණු අතර එය ඔහුට තර්ජනාත්මක බියවැද්දීමක් කිරීමේ අරමුණින් කළ ක්‍රියාවක් බව මූලික විමර්ශන මගින් හෙළිවී ඇති බව පොලිසිය කියයි.

සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින කොටස්කරුවන් තිදෙනකු අතර කලක පටන් කොටස් ආරවුලක් පවතින බවත්, පොලිසිය අනාවරණය කරගෙන ඇත.

මෙම වෙඩි තැබීමෙන් කිසිවකුට හෝ හානි සිදුව නැතත් වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ  උදිත ඉගලහේවා මහතා වන අතර එහි සාමාන්‍යාධිකාරී ලෙස කසුන් රාජපක්ෂ මහතා කටයුතු කරනු ලබයි.

සබැඳි පුවත්
DSI සැම්සන් රාජපක්ෂගේ මුණුබුරාගේ නිවසට වෙඩි 

Trending

Exit mobile version