Connect with us

පුවත්

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගැන තවම තීරණයක් නෑ

Published

on

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ අරමුදල් යටතේ ශ්‍රී ලංකාවේ බස්නාහිර කලාපය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සැහැල්ලු සංක්‍රමණ පද්ධති ව්‍යාපෘතිය (LRT) සම්බන්ධව මෙතෙක් රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.එම්.එස්.ඊ.එස්. බණ්ඩාර මහතා පවසයි.

අද (07) පැවැති ජපාන ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහාතා මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධව අලුතින් ජපන් රජය හා සාකච්ඡා ආරම්භ කළ යුතු බවත් ය. 

මෙම දුම්රිය ව්‍යාපෘතිය එවකට පැවැති යහපාලන රජය විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර පසුව පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය විසින් එය අවලංගු කිරීමට තීරණය ගෙන තිබුණි.

ඩොලර් බිලියන 1.5ක ජපාන සහනදායි ණය ක්‍රමයකින් නිම කිරීමට සැලසුම් කළ කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය හෙවත් LRT ව්‍යාපෘතිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී අහෝසි කෙරුණේ එය අගනුවර තදබදයට “ලාභදායී විසඳුමක්” නොවන බව සඳහන් කරමිනි.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියරට අමෙරිකානු ඩොලර් මිලියන 285ක ණය ගිවිසුමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (ජයිකා) හා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා එම කාලයේදී අත්සන් තැබීය. 

මෙම ණය සියයට 0.1ක සහන පොලී අනුපාතයකට අවුරුදු 12ක සහන කාලයක් සමඟින් වසර 40කින් ආපසු ගෙවිය යුතු බවත් එහිදී එම ගිවිසුම්වල සඳහන් ව තිබුණි.

පසුව එම පාලනය කාලය බිඳ වැටීමෙන් අනතුරුව නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළි එම දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සඳහා සාකච්ඡා ඇරඹීමට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එම රජයේ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණි.

පුවත්

ලිට්‍රෝ සේවක වර්ජනක්

Published

on

By

මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ 250කට ආසන්න මෑන්පවර් කම්කරුවන් පිරිසක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ වසර ගණනාවක් පුරා තම වැටුප් ඉහළ නොදැමූ බවටත්, රජය විසින් නියම කළ අවම වැටුප හෝ ලබා නොදුන් බවටත් චෝදනා කරමිනි.

රජය විසින් නියම කළ වැටුප ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් දෙනතෙක් තමන් වැඩවර්ජනය අවසන් නොකරන බව එම සේවකයින් පවසයි.

Continue Reading

පුවත්

මන්ත්‍රී අර්ච්චුනාගේ මන්ත්‍රී ධූරය බලරහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම සලකා බලන්න දින දෙයි

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (14) මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.

විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වනදා කැඳවන ලෙසය.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා විසින් මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Continue Reading

පුවත්

“නිස්කෝ” එක්ක අපේ සම්බන්ධයක් නැහැ – තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය

Published

on

By

සී/ස ජාතික තරුණ සේවා සමූපකාරය හෙවත් නිස්කෝ (NYSCO) ආයතනයේ පාඨමාලා හා වැඩසටහන් සඳහා අනුමැතියෙන් තොරව අමාත්‍යංශ නාමය භාවිතා කිරීම සම්බන්ධයෙන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

නිස්කෝ ආයතනය මඟින් පවත්වන පාඨමාලා වැඩසටහන් ප්‍රවර්ධනය හා ඒවාට අදාළව නිකුත් කරන සහතික පත්‍ර සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශ නාමය මෙන්ම රාජ්‍ය ලාංඡනය භාවිතා කිරීම් සිදුකරන බව නිරීක්ෂණය වී ඇත.

මෙම නාමය හා රාජ්‍ය ලාංඡන යොදා ගැනීම නිසි අනුමැතියකින් තොරව සිදුවන අතර මේ පිළිබඳ විමර්ශනය වෙනුවෙන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය විසින් කමිටුවක් ද පත් කර තිබේ.

අදාළ නිවේදනය ඔස්සේ අමාත්‍යංශය විසින් වැඩිදුරටත් දන්වා සිටින්නේ නිස්කෝ ආයතනය සිය අමාත්‍යංශ නාමය හා රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින් සිදුකරනු ලබන මෙම පාඨමාලා/ වැඩසටහන් හා ප්‍රවර්ධන සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved