Connect with us

පුවත්

සිංදු කියන්න ගිය මන්ත්‍රීට බෝතල් ප්‍රහාරයක්

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමල් චින්තක මායාදුන්නේ මහතාට බෝතල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මන්ත්‍රීවරයා පුත්තලම, වනාතවිල්ලුව ක්‍රීඩාංගණයේ පැවැති සංගීත සංදර්ශනයක ගීත ගායනා කිරීමට වේදිකාවට ගොඩ වුණු අවස්ථාවකදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්ය.

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ දී පසුගිය සිකුරාදා (05) රාත්‍රී සිට අලුයම දක්වා පැවැති සංගීත සංදර්ශනයට ආරාධිතයෙකු ලෙස මන්ත්‍රීවරයා සහභාගි වී තිබේ.

පොලීසිය පවසන්නේ එහිදී ඔහු ගීතයක් ගායනා කිරීම සඳහා වේදිකාවට ගොඩ වූ අවස්ථාවේදී  මෙම බෝතල් ප්‍රහාරය එල්ල වී ඇති බවය.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් මන්ත්‍රීවරයාට හානියක් සිදුව නැතත් ඔහු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

වනාතවිල්ලුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පුවත්

හිටපු ජනපති රනිල් අද අල්ලස් කොමිසම හමුවට

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

අද පෙරවරු 9.30ට හිටපු ජනාධිපතිවරයා එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බව සඳහන්ය.

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා, ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ දී සිදුවුවායැයි පැවසෙන දුෂණ චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස කැඳවා තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රේල් 17 වනදා අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබුණ ද, එදින ඔහුට පැමිණීමට නොහැකි බවට සිදුකළ දැනුම් දීමකින් අනතුරුව අද දිනයේ දී මෙලෙස පැමිණීමට නියමිතව ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

මත්ද්‍රව්‍ය තොගයක් අද පාලවියේදී විනාශ කෙරේ

Published

on

By

නීති විරෝධී මත්ද්‍රව්‍ය තුරන්කිරීම සඳහා ක්‍රියාත්මක මෙහෙයුම් වල දී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නඩු කටයුතු අවසන් වු හෙරොයින් කිලෝ 494යි ග්‍රෑම් 48ක තොගයක් විනාශ කිරීම අද (28) උදෑසන 10.00ට සිදු වේ.

පුත්තලම, පාලවිය ප්‍රදේශයේ පිහිටි  INSEE සිමෙන්ති සමාගමට අයත් දහන උඳුනක දී ඒවා විනාශ කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ.

ඒ අනුව අද උදැසන 7ට මහාධිකරණයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා පොලීසිය විසින් භාරයට ගෙන අධි ආරක්ෂාව යටතේ පුත්තලම, පාලවිය ප්‍රදේශයට රැගෙන යාමට නියමිත බවය පොලීසිය පැවසුවේය.

එම මත්ද්‍රව්‍ය තොගයේ එක් කොටසක් 2021.12.15 වනදා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් එක්ව සිදුකරන ලද වැටලීමකදී විදෙස් ජාතිකයින් 6 දෙනෙකු සන්තකයේ තිබී අත්අඩංගුව ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 250 ග්‍රෑම් 996 කි.

අනෙක් කොටස 2022.04.19 වනදා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය එක්ව සිදුකරන ලද වැටලීමකදී විදෙස් ජාතික සැකකරුවයන් 07 දෙනෙකු සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් කිලෝ 243 ග්‍රෑම් 052 ක් බව සඳහන් වේ.

මෙරටින් නීති විරෝධී මත්ද්‍රව්‍ය තුරන්කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොලීසිය දෛනිකව මෙහෙයුම් සිදුකරනු ලබයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

Published

on

By

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකිය.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බවය.

දිවයිනේ බොහෝ  ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව  ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved