පුවත්

සිඩ්නි යැවූ මැණික් කටුනායකදී ඉස්සූ ගුවන් තොටේ 2ක් අල්ලයි!

Published

on

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගමන් මලු පැටවීම හා බෑම් කටයුතුවල නිරත මෑන් පවර් සමාගමක සේවකයන් දෙදෙනෙක් කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය පෙරේදා (12) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ සිට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා පසුගිය අප්‍රේල් 26 වැනිදා ගුවන්ගත වූ ගුවන් යානයේ රැගෙන යාමට නියමිතව තිබුණු මැණික් ගල් 14ක් ගුවන් යානය තුළ දී ඉතා සූක්ෂ්ම ලෙස සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

එම මැණික් සොරාගෙන ඇත්තේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානය මඟින් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා රැගෙන යාමට භාරදුන් අධිවේගී ගුවන් තැපැල් මලු අතර තිබීයදීය.

සිඩ්නි නුවර බලා පියාසර කිරීමට නියමිතව තිබුණු යූ. එල්. 606 දරන ගුවන් යානයට එහි රැගෙන යාමට නියමිත භාණ්ඩ පටවමින් තිබිය දී මෙම සොරකම සිදුකර ඇත්තේ ගුවන් යානය තුළදීය.

මෙම මැණික් ගල් තිබී ඇත්තේ විශේෂ තැපැල් බෑගයක දමාය. එම තැපැල් බෑගයේ ඇති පෙට්ටියක මැණික් ගල් තිබී ඇත. තැපැල් මල්ලේ මුද්‍රා ඉතා සූක්ෂ්ම ලෙස කඩා මැණික් ගල් 14 සොරාගෙන ඇති බව පොලිසිය කියයි.

මේ අතර, පසුගිය මාස තුන තුළ ශ්‍රී ලංකා ගුවන් තැපෑල හරහා විදේශ රටවලට යවන ලද මැණික්  අවස්ථා දහයකදී පමණ අතුරුහන්ව තිබිණි.

සබැදි පුවත්

ගිය මාස තුනේ අවස්ථා 10කදී ගුවනින් යැවූ මැණික් අතුරුදහන්!

Trending

Exit mobile version