ජීවත්වීම ගැටලුවක් වූ පුද්ගලයන් 22.7%ක් ද, ආර්ථික අසීරුතාවෙන් ජීවත් වන 53%ක් ද මරෙට සිටින බව ජර්මනිය, ඇමරිකාව, යුරෝපා සංගමය සහ ලංකාව එකතුවී කළ ඒකාබද්ධ සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා කියයි.
රටේ දේශපාලන හා ආර්ථිකය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුව සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඔහු ඊයේ (10) මේ බව කීවේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේද කීය.
“ජර්මනිය, ඇමරිකාව, යුරෝපා සංගමය හා ලංකාව එකතුවී කළ ඒකාබද්ධ සමීක්ෂණයකින් අපේ රටේ ජීවත්වීම ප්‍රශ්නයක් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව සියයට විසිදෙකයි දශම හතක්වෙලා. ජීවන වියදම දරාගන්න බැරි අයගේ සංඛ්‍යාව සියයට දාහතක් බවට පත්වෙලා. විරැකියාව සියයට දහතුනක් බවට පත්වෙලා. ආසන්න වශයෙන් ගත්තාම සියයට පනස් තුනකට බරපතළ ආර්ථික අසීරුතාවක් තියෙනවා.
මේ තත්ත්වයෙන් රට ගොඩනැගීම ජනාධිපතිවරයාගේ, ආණ්ඩුවේත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සහ පුරවැසියන් වන අපේ වගකීමක්. හැබැයි ඒ වගකීම ඉෂ්ට කරනවාද කියන කාරණය අපේ ඉදිරියේ තියෙනවා.”