Connect with us

පුවත්

සියලු රාජ්‍ය ආයතනවලට දැනුම්දීමක්

Published

on

නව වසරේ රාජකාරී ආරම්භ කරන හෙට (01) දිනයේ සියලු රාජ්‍ය ආයතනවල නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබේ.

අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත ඒ පිළිබදව දැනුම් දී ඇති බවට වාර්තා වේ.

“ක්ලීන් ශ්‍රී ලංකා “ ජාතික වැඩසටහන සමග නව වසරේ රාජකාරී කටයුතු ඇරඹිය යුතු බව එම චක්‍රලේඛයේ සදහන්ය.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන එළිදැක්වීම රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ දී හෙට දිනයේ සිදුකිරීමට නියමිතය.

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී ඇත්තේ ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්, සමස්ත රාජ්‍ය සේවයේ නියුතු පිරිසගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන කාර්යයට සමගාමීව සිය සේවා ස්ථානවල රාජකාරී කටයුතු ආරම්භ කිරීම සිදුකළ යුතු බවය.

ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහන එළිදැක්වීමේ ජාතික උත්සවය සියලු රජයේ සහ පෞද්ගලික විද්‍යුත් නාලිකා මගින් විකාශනය කිරීමට කටයුතු සලසා ඇති අතර සියලු රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයට එය නැරඹීමේ පහසුකම සලසා දෙන ලෙස ද දැනුම් දී තිබේ.

ඒ අනුව සියලු රාජ්‍ය සේවකයින් ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රතිඥාව කියවිම සඳහා සජීවීව සම්බන්ධ විය යුතු බවද රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සිය චක්‍රලේඛය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබෙන බවයි පැවසේ.

පුවත්

සජින් වාස්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

Published

on

By

රුපියල් ලක්ෂ 369ක ආදායම් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා, අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර ඇත.

සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා තම නීතිඥවරයා මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් විය.

මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර, සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියෝග කරන ලදී.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

Published

on

By

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ මේජර් ජෙනරාල් කපිල දොළගේ මහතාව පත්කර තිබේ.

ඒ මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 37 වන මාණ්ඩලික ප්‍රධානී වන අතර නව පත්කිරීම අද (26) සිට ක්‍රියාත්මක වේ.

Continue Reading

පුවත්

හිටපු සෞඛ්‍ය ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

Published

on

By

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකාශයක් ලබාදීමට අද (26) උදෑසන අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව ඒ මහතාව අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved