පොදු ප්‍රවාහන සේවා සඳහා වාහන ආනයනය කිරීමද අත්හිටුවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
එමෙන්ම එම වාහන ආනයනය සඳහා ලබා දුන් මාසයක කාලය ද අවසන් වූ බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
තවද අවසරය ලබා දී තිබූ මාසය ඇතුළත ආනයනය කරන ලද වාහන නිදහස් කර ගැනීමට අවස්ථාව සලසා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව මේ වනවිට කිසිදු වාහනයක් ආනයනය කිරීමට අවසර නොමැත.
වාහන ආනයනය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය, විශේෂ කමිටුවක් පත් කර තිබුණි.
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වාහනවල අවශ්‍යතාවය, මාර්ගවල ඇති ඉඩ පහසුකම්, ඉන්ධන සඳහා යන වියදම හා වාහන ආනයනයට යන විනිමය ප්‍රමාණය යන කරුණු පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙන බවයි.