Connect with us

පුවත්

සිරකරුවන් 779කට ජනාධිපති සමාව

Published

on

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779කට ජනාධිපති සමාව යටතේ නිදහස ලබා දීමට තීරණය කර තිබේ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනැමීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

පුවත්

පාරිභෝගික අධිකාරියෙන් පූජා නගරයේ විශේෂ මෙහෙයුමක්

Published

on

By

පොසොන් සමය නිමිති කොටගෙන අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට වෙළෙඳපොළේදී සිදුවන අසාධාරණ වැළැක්වීම සඳහා විශේෂ වැටලීම්, විමර්ශන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පසුගිය සිකුරාදා දින සිට මෙම වැඩසටහන ක්‍රියාත්මකමක බව එම අධිකාරිය පවසයි.

එම වැඩසටහන මගින් මේ වනවිට වැටලීම් 37කට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

මේ අතර මෙම වැඩසටහනට සමගාමීව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අනුරාධපුර ප්‍රදේශයන්හි වෙළෙඳ ප්‍රජාවද දැනුවත් කිරීමද සිදුකර ඇත.

ඒ සඳහා විශේෂ කණ්ඩායම් ද යොදවා තිබේ.

මේ අතර වෙළෙඳපොළේ සිදුවන අසාධාරණයන් සම්බන්ධව ලැබෙන පැමිණිලි සඳහා අවශ්‍ය ක්ෂණික මැදිහත්වීම සිදුකිරීම වෙනුවෙන් ද නිලධාරීන් යොදවා ඇති බව වාර්තා වෙයි.

මෙම වැඩසටහන‍ෙපොසොන් කාල සීමාව අවසන් වෙන තෙක් ක්‍රියාත්මක කරනු ලබ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් පවසයි.

Continue Reading

පුවත්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට වැඩබලන අතිරේක ලේකම්වරයෙක්

Published

on

By

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබැලීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් පත් කර තිබේ.

එලෙස පත් කර ඇත්තේ, දැනට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ බන්ධනාගාර කටයුතු අංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස කටයුතු කර නිශාන් ධනසිංහ මහතාය.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව විමර්ශන අපක්ෂපාතිව සිදුකිරීමේ අරමුණින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අනිවාර්ය නිවාඩු යැවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. 

සබැඳි පුවත්:

Continue Reading

පුවත්

අනුරාධපුර බන්ධනාගාර අධිකාරී රක්ෂිත බන්ධනාගාරයට (UPDATE)

Published

on

By

අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා මේ මස 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ඔහුව අද (09) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

වංචා දූෂණ රැසකට සම්බන්ධ වරදකරුවෙකුව සිටි රැඳවියෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ බව කියන චෝදනාව යටතේ මෙහාන් කරුණාරත්න මහතා පොලිස් බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.


(පෙර පුවත 2025 ජුනි 09, ප.ව.4:08)

බන්ධනාගාර  කොමසාරිස් ජනරාල්ගේ වැඩ තහනම්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ, මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය මඟින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වූ පුද්ගලයෙකු ජනාධිපති පොදු සමාව යටතේ මුදා හැරීමේ සිදුවීමට අදාළවය.

අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වූ පුද්ගලයෙකු ජනාධිපති පොදු සමාව යටතේ මුදා හැරීම සම්න්ධයෙන් මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් මතු වී තිබේ.

රුපියල් ලක්ෂ හතලිහක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අදාළව අනුරාධපුර මහාධිකරණය විසින් සිර දඬුවම් නියම කර සිටි මෙම විත්තිකරුට  එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් නියෝග කර තිබුණේ, පසුගිය ජූනි 05 වන දිනය.

එදින අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් ලිඛිත වාර්තාව මගින් මහාධිකරණයට දැනුම් දී ඇත්තේ අනුරාධපුර මහාධිරණය හමුවේ පැවති නඩුවට අදාළව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටි අදාළ විත්තිකරු පසුගිය මැයි මස 12 වන දා යෙදී තිබූ වෙසක් පෝය දිනයේ ජනාධිපති සමාව යටතේ මෙම නඩුවෙන් නිදහස් කර මුදා හැර ඇති බවය.

සබැඳි පුවත්:

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved