Connect with us

පුවත්

“සිරි දළදා වන්දනාව”ට සැරසෙන මහනුවර

Published

on

“සිරි දළදා වන්දනාව” වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්ම අද (17) සිට ක්‍රියාත්මක කර තිබේ.

සැදැහැවතුන් පැමිණෙන රථ වාහන මහනුවර නගරය වෙත පැමිණීමත් සමග නගරයේ ඇති විය හැකි වාහන තදබදය අවම කරගැනීම සඳහා රථ වාහන මහනුවර නගරයට ඇතුළු වීම අද සිට සීමා කෙරෙන බව පොලීසිය සඳහන් කළේය.

සැදැහැවතුන් පැමිණෙන රථ වාහන ගාල් කිරීමට විශේෂ ස්ථාන සකස් කර ඇති අතර එම ස්ථානවල සිට ශ්‍රී දළදා මාළිගාව දක්වා බස් රථ සේවා මඟින් ප්‍රවාහන පහසුකම් සලසා තිබේ.

වන්දනාවෙන් අනතුරුව සැදැහැවතුන් හට යළි රථ ගාල් වෙත පැමිණීම සඳහා ද පොදු ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කර ඇති බව මහනුවර දිස්ත්‍රික් කොට්ඨාස රථවාහන අංශය භාර පොලිස් අධිකාරී දයාල් ඉලංගකෝන් මහතා සඳහන් කළේය.

“සිරි දළදා වන්දනාව” හෙට (18) දින පස්වරු 3.30ට ආරම්භ කර එදින පස්වරු 5.30 දක්වා පැවැත්වේ.

අනතුරුව ලබන 19 වන දින සිට 27 වන දින දක්වා සෑම දිනකම දහවල් 12.00 සිට පස්වරු 5.30 දක්වා “සිරි දළදා වන්දනාව” පැවැත්වීමට නියමිතය.

දළදා වන්දනාව සඳහා ලක්ෂ 20කට අධික දෙස් විදෙස් සැදැහැවතුන් පිරිසක් පැමිණෙනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට මේ වන විටත් සියලු කටයුතු සැලසුම් කර තිබේ.

මේ හේතුවෙන් මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

ඒ අනුව ජනතාව සෝදිසි කිරීම, රථ වාහන පාලනය හා මාර්ග බාධක රාජකාරී යෙදවීම සිදුකරනු ලබන අතර ඒ සඳහා රාජ්‍ය නිවේදිත නිලධාරින් 35ක් ඇතුළු පොලිස් නිලධාරීන් 10,000කට අධික පිරිසක් යෙදවීමට නියමිතය.

සැදැහැවතුන්ගේ ආරක්ෂාව හා රථ වාහන පාලනය වෙනුවෙන් යොදවා ඇති පොලිස් නිලධාරීන්ගේ සහාය සඳහා පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරින්, පොලිස් නිල සුනඛ අංශය, යුද හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාවේ නිලධාරීන් ද යොදවා තිබේ.

දළදා වන්දනාව සඳහා පැමිණීමේ දී සුදු වතින් සැරසී පැමිණෙන ලෙසත් විශාල ප්‍රමාණයේ ගමන් මලු, කැමරා, වීඩියෝ උපකරණ හා අනෙකුත් විද්‍යුත් උපකරණ මාළිගාව වෙත රැගෙන ඒමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර “සිරි දළදා වන්දනාව” සඳහා පැමිණෙන සැදැහැවතුන්ගේ ගමන් පහසුව සඳහා හෙට සිට විශේෂ දුම්රිය සේවයක් ද ක්‍රියාත්මක බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේය.

සිරි දළදා වන්දනාව සඳහා රථවාහන සැලැස්ම සහ ආරක්ෂක වැඩපිළිවෙල,

පුවත්

කුලියාපිටිය නවකවධ සිද්ධියට ඇල්ලූ 4ම රිමාන්ඩ්

Published

on

By

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා සහ සිසුවිය ලබන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඔවුන්ව අද (04) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාල සිසුවිය පසුගිය 02දා විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබුණු අතර, අසල සිටි පිරිසක් විසින් ඇයව බේරාගෙන කඩිනමින් කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

පසුව රෝහල් පොලීසිය විසින් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් තමන්ට නවකවධය ලබාදීම හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සහ ගත් බවයි.

Continue Reading

පුවත්

මුඛ ආවරණ පැළඳීමේ උපදෙස් ලිපිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

කාර්යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් ජුනි 02දා බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් යුතුව ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

එහි දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යොමු කරමින් අදාල ලිපියේ නිකුත් කර ඇති උපදෙස් යළි සලකා බලා කටයුතු කරන මෙන් ඉල්ලා ඇති බවයි.

කාර්යාල තුළ මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවද ජාසිංහ මහතා පවසා තිබේ.

මේ වන විට එම උපදෙස් මාලාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැහැදිලි කිරීම මෙසේය :

Continue Reading

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved