පුවත්

සිරි දළදා වන්දනාව අද සිට ; බැතිමතුන් ඊයේ සිට පෝලිම්වල

Published

on

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී “සිරි දළදා වන්දනාව’’ අද සිට (18) ආරම්භ වේ.

ඒ අනුව,  ශ්‍රී දළදා වහන්සේ අද (18) දිනයේදී පස්වරු 3 සිට පස්වරු 5.30 දක්වා මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

ආරම්භක දිනයේදී සිරි දළදා වන්දනාවට අතිමහත් ජනතාවක් ඊයේ (17) රාත්‍රියේ සිට මහනුවර අවට රැඳී සිටිනු දක්නට ලැබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක, විදෙස් තානාපතිවරු ඇතුළු ප්‍රභූන් රැසකගේ සහභාගිත්වයෙන් ශ්‍රී දළඳා ප්‍රදර්ශනය අද ආරම්භ කිරීමට නියමිතය.

වසර 16 කට පසුව පැවැත්වෙන “සිරි දළදා වන්දනාව’’ අද (18) සිට 27 වැනිදා දක්වා දින 10 ක කාලයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී දළදා වහන්සේ අද (18 වැනිදා) දිනයේදී පස්වරු 3 සිට පස්වරු 5.30 දක්වා මහජනතාවට ප්‍රදර්ශනය කෙරෙන අතර, හෙට (19 වැනිදා) සිට දහවල් 12 සිට පස්වරු 5.30 දක්වා ප්‍රදර්ශනය පැවැත්වේ.

“සිරි දළදා වන්දනාව’’ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලක්ෂ 20 ක පමණ බැතිමතුන් පිරිසක් සහභාගි වෙතැයි පොලිසිය සඳහන් කරයි.

Trending

Exit mobile version