Connect with us

පුවත්

සිරි දළදා වන්දනාව 27 වැනිදායින් අවසන් (වීඩියෝ )

Published

on

සැලසුම් කළ පරිදි ‘සිරි දළදා වන්දනාව’ එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

දියවඩන නිලමේවරයා අද (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පවසා සිටියේය.

ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ පින්සාර අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට පසුගිය 18 වනදා උදාවුණි.

ඒ, 16 වසරකට පසුවය.

පුවත්

ඡන්දෙ දාන්න නිවාඩු ලැබෙන හැටි

Published

on

By

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත්  කර තිබේ.

ඒ අනුව යම් සේවකයෙකු විසින් ඡන්දය ලබාදීමට ඉල්ලීමක් කළ විට ඊට අදාළව සේවායෝජකයා විසින් ප්‍රමාණවත් යැයි සලකනු ලබන පැය දෙකකට නොඅඩු කාලයක් අදාළ සේවකයාට පඩි සහිත නිවාඩුවක් ලබාදිය යුතුයි.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සෑම අයෙකුටම ආයතන විසින් නිවාඩු ලබා දිය යුතු බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එසේ ලබාදෙන නිවාඩු කාලසීමාව, අනියම් සේවා නියුක්තිකයින්ට ද ඇතුළුව සියලුම සේවා නියුක්තියන් සම්බන්ධයෙන් වැටුප් සහිත වන විශේෂ නිවාඩුවක් ලෙස සැලකිය යුතු අතර, එය සේවා නියුක්තියන්ගේ සාමාන්‍ය නිවාඩු හිමිකමෙන් පිටස්තර විය යුතු බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

සෑම සේවකයෙකුටම ඡන්දය සඳහා නිවාඩු කාලසීමාව, එම සේවකයාගේ කාර්යාලය සහ ඡන්ද පොළ අතර ඇති දුර ප්‍රමාණය මත නිගමනය කළ යුතුය.

ඒ අනුව යම් සේවකයෙකු සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට යායුතු දුර කිලෝමිටර් 40 හෝ ඊට අඩු වේ නම් දින භාගයක නිවාඩුවක්ද, කිලෝමීටර් 40-100 අතර වේ නම් දින 1ක් බැගින් ද නිවාඩු හිමි වනු ඇති බව එම නිවේදනයේ සඳහන් වෙයි.

එමෙන්ම කිලෝමීටර් 100-150ත් අතර වේ නම් දින 1 1/2ක නිවාඩුවක්ද කිලෝමීටර් 150ට වැඩි නම් දින දෙකක නිවාඩුවක් ලබා දිය යුතු බවත් එහි සඳහන් ව ඇත.

Continue Reading

පුවත්

සජබේ අප්පුහාමි හා කාවින්ද පාප් වහන්සේට අවසන් ගෞරව දක්වයි

Published

on

By

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සහ හෙක්ටර් අප්පුහාමි මහතා ද වතිකානය වෙත ගොස් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දක්වා තිබේ.

ඔවුන් එලෙස වතිකානය බලා පිටත්ව ගොස් ඇත්තේ මෙරට කතෝලික දේශපාලන අධිකාරිය නියෝජනය කරීම සඳහාය.

පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව ඇති අද (26) දිනය ජාතික ශෝක දිනයක් ලෙසද ප්‍රකාශයට පත් කර තිබේ.

Continue Reading

පුවත්

අන්තර් නිවර්තන අභිසාරී කලාපයෙන් ලංකාවට බලපෑම්

Published

on

By

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරීවන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර පළාතේත් පුත්තලම, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් වවුනියාව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකිය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved